චන්ද්‍රයාන් යානය කක්ෂගත කිරීම පස්වරුවේ | දිනමිණ

චන්ද්‍රයාන් යානය කක්ෂගත කිරීම පස්වරුවේ

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 02‘ යානය අද (22) පස්වරුවේ අභ්‍යාවකාශගත කෙරේ. 
 
මීට සතියකට පමණ පෙර යානය අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබුණ ද මතුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය කල්දැමීමට සිදුවිය.
 
ඒ අනුව අද පස්වරුවේ යානය යළි අභ්‍යාවකාශගත කිරීම සිදුකිරීමට සැලසුම් කර තිබේ. 
 
චන්ද්‍රයාගේ දක්ෂිණධ‍්‍රැවයට ගොඩබස්සවන පළමු අභ්‍යාවකාශ යානය ද මෙය වනු ඇති බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය පවසයි. යානය කක්ෂගත කිරීම සාර්ථක වුවහොත් සඳ මතට යානයක් ගොඩබස්සවන හතර වන රට බවට ඉන්දියාව පත්වේ.
 
අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු දින 17ක් පෘතුවි කක්ෂයේ රැඳී සිටීමට නියමිත චන්ද්‍රයාන් 2 යානය පසුව දින 28ක් චන්ද්‍රයාගේ කක්ෂයේ රැඳී සිටිනු ඇත.
 
මේ වෙනුවෙන් ඉන්දියාව වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 150කි.

නව අදහස දක්වන්න