රන්ජන් නැතිව නඩුව විභාග කරන්න අවසර | දිනමිණ


 

රන්ජන් නැතිව නඩුව විභාග කරන්න අවසර

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමානායක නොමැතිව, ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණ අපහාස කිරීමේ නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (05) අවසර ලබා දී ඇත.

ඒ මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අපේක්ෂකයෙකු හැටියට පෙනී සිටින බැවිනි.

අධිකරණය අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රාමනායකට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන අයගෙන් සමන්විත ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

විනිසුරු මඩුල්ලේ සංයුතිය නිසි පරිදි නොවීම හේතුවෙන් නඩු විභාගය හෙට (06) ට කල් තැබිණි.

අද  දින රාමනායක උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ,ඔහුට එරෙහි අපහාස නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවිණි.

නව අදහස දක්වන්න