නව සන්ධානයේ නායකත්වය හිමි වන්නේ එජාප නායකත්වයටයි | දිනමිණ


 

නව සන්ධානයේ නායකත්වය හිමි වන්නේ එජාප නායකත්වයටයි

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

නව සන්ධානයේ නායකයත්වය හිමි වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බවත් මේ සන්ධානය තුළින් එක්සත් ජාතික පක්ෂය දියාරු වේ යැයි කිසිවකුත් අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් සභානායක,රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන,උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සන්ධාන නායකයාට නිශේධ බලයක් හිමිවන බවත් නායකත්ව මණ්ඩලය තුළ වැඩි බලය හිමිවන්නේ ඔහුට බවත් ඒ මහතා කීය.

උපාධිධාරීන් 750කට රජයේ පත්වීම් ලබාදීම වෙනුවෙන් ඊයේ (04) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීවේය.

සන්ධානයට පක්ෂ හයක් සිටින්නේ නම් නායකත්ව මණ්ඩලයට තුළ එක්සත් ජාතික පක්ෂයට හත් දෙනකුගේ නියෝජනයක් හිමිවන බවත් මේ නිසා එහි බහුතරය සෑම විටම එජාපයට හිමිවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

නව සන්ධානයට එකතු වීමට සිටින කණ්ඩායම් ඩැහැ ගැනීමේ වැඩපිළිවෙළක් ඇතැම් පිරිස් දියත් කර තිබෙන නමුත් ඔවුන් කිසිවකුත් නව සන්ධානයෙන් ඉවත්ව නොයන බවත් කී ඒ මහතා සන්ධානය පිහිටුවීමෙන් පසු ජනපති අපේක්ෂකයා නම් කිරීම සුදුසු බව පිරිසක් කියත්දී තවත් පිරිසක් ජනපති අපේක්ෂක තෝරා සන්ධානය පිහිටුවීම සුදුසු බවට යෝජනා කරන බවද පැවසුවේය.

මේ සාකච්ඡාව ඉදිරියේ දී නියම ආකාරයට බේරුමක් කරගත හැකි බවද නව සන්ධානය පිහිටුවීම තවත් දින කිහිපයක් තුළ සිදු කරන බවත් ඒ මහතා කීය.

අසේල කුරුළුවංශ හා නිහාල් ජයවර්ධන මධ්‍යම පළාත් සමූහ 

නව අදහස දක්වන්න