පිරිවෙන් භික්ෂූන් සීයයකට මිරිසවැටිය විහාරයෙන් ආධාර | දිනමිණ


 

පිරිවෙන් භික්ෂූන් සීයයකට මිරිසවැටිය විහාරයෙන් ආධාර

අනුරාධපුර විශේෂ - සරත් මනුල වික්‍රම

පිරිවෙන් හා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දුෂ්කර ප්‍රදේශවල භික්ෂුන් වහන්සේ තවත් සියක් නමක් උදෙසා මිරිසවැටිය විහාරස්ථානය මගින් අධාර පිරිණැමේ. මෑත දී දුෂ්කර ප්‍රදේශවල භික්ෂූන් උදෙසා මිරිස වැටිය විහාරස්ථානයෙන් සංවිධාන කළ දසවැනි වැඩසටහන මෙය වේ. හිටපු යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා ප්‍රධාන ඒ මහතාගේ පවුලේ ඥාතීන්ගේ ආධාරයෙන් මේ පරිත්‍යාග වැඩසටහන සංවිධාන කර තිබුණේ සංඝ ශාසනයේ චිරස්ථිතිය සඳහා සාමණේර හිමිවරුන් ධෛර්යමත් කිරිමේ තවත් අදියරක් ලෙසයි. ජගත් ජයසූරි මහතා ද මේ වසර මුල දි තවත් මෙවැනිම පින්කමක් සංවිධාන කරමින් ආශිර්වාද ලබාගෙන ඇත. ඒ මහතාට මේ පින්කම සඳහා අනුශාසනා කළ මිරිසවැටිය විහාරාධිකාරී

භතලවැටුණවැවේ ඥණතිලක නාහිමියන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දුෂ්කර ගම්මානවල පිහිටි විහාරස්ථාන හා පිරිවෙන්වලින් විවිධ වයස් කාණ්ඩයේ හිමිවරුන් තෝරාගෙන ගමන් පහසුකම්ද ලබාදි මිරිසවැටිය සෑ මළුවට වැඩම කරවා තිබුණි. එම පිරිසට සිවුරු පිරිකර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම විහාරස්ථානවලට අත්‍යාවශ්‍ය උපකරණ ආදිය ද පිරිනමනු ලැබීය. එහි දි සියක් නමක් වූ භික්ෂුන් ඇමතූ ඥණතිලක නාහිමියෝ රටේ අනාගතයට මග කියාදිය හැකි උගත් යතිවරුන් ලෙස අනාගතයේ ගොඩනැගීම සඳහා ශක්තියක් වීමට ලබාදෙන මේ පරිත්‍යාවලින් ප්‍රයෝජන ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

එහි දී මහ සඟරුවන ජයසූරිය මහතාගේ මියගිය පියාට පිං පැතීම හා රෝගාතුර මව ඇතුළු පවුලේ පිරිසට ආශිර්වාද කිරීම ද සිදුකළහ.

නව අදහස දක්වන්න