යතුරු පැදිය කොන්ක්‍රීට් කණුවක ගැටී තරුණයෙක් එතැනමයි | දිනමිණ

යතුරු පැදිය කොන්ක්‍රීට් කණුවක ගැටී තරුණයෙක් එතැනමයි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

හජ්ජි අවුරුද්ද සමරා මත්පැන් සාදයකට සහභාගි වු තරුණයක් දෙදෙනෙකු යතුරු පැදියකින් ගමන් කරද්දි මුතුර් , භාරතිපුරම් හන්දියේදි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරේදා (13) අලුයම කොන්ක්‍රීට් කණුවක වැදිමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදිම මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි මුතූර් පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මුතූර්, තෝපුර්, ජින්නානගර් පදිංචි නාසිකින් මොහොමඩ් රිස්ලාන් (18) නැමැති අයයි. අධික වේගයෙන් ධාවනය කර ඇති බවට සැකකරන යතුරුපැදිය භාරතිපුරම් හන්දිය වංගුව ගනිද්දි මාර්ගයෙන් ඉවතට පැන වැටකට සවිකර තිබු කොන්ක්‍රීට් කණුවක ගැටි ඇති බව මුලික පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී තිබේ. අනතුර කිසිවෙකුත් දැක නොමැති අතර යතුරු පැදියේ පිටුපස සිටි තුවාලකරු ඊට නුදුරින් බිම වැටි සිහිමුර්ජා වි සිටියදි එළිය වැටෙද්දි මාර්ගයේ ගමන් කළ අය විසින් දැක රෝහල් ගතකර තිබුණි. සිද්ධිය දැනුම් දිමෙන් පසු එම ස්ථානයට පැමිණි මුතුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි.එම්.අයි.කේ.දිසානායක මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ ආරම්භ කළේය. මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා මුතුර් රෝහලේ තබා තිබේ. මුතුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවයි..


නව අදහස දක්වන්න