වවුනියාව දිස්ත්‍රික්කයට පීපල්ස් ඉන්ෂුවරන්ස් | දිනමිණ


 

වවුනියාව දිස්ත්‍රික්කයට පීපල්ස් ඉන්ෂුවරන්ස්

ජයසිරි මුණසිංහ

ජාතික ආර්ථික දියුණුවට ඉතා වැදගත් සේවාවක් හා දායකත්වයක් ලබාදෙන උතුරු පළාතේ නවෝදයට ශක්තියක් වෙමින් වව්නියාවේ පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සේවා ව්‍යාපෘතියට නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කළේය.

වවුනියාව නගරයේ අලුතින් ස්ථාපිත කළ පීපල්ස් ඉන්ෂුවරන්ස් ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමෙන් පසු එසේ අදහස් දැක්වූ දීපාල් අබේසේකර මහතා උතුරු පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ විග්‍රහයක යෙදෙමින් මෙසේ ද කීය.

ශ්‍රී ලංකා ආර්ථීකයේ සමස්ත නිෂ්පාදනයෙන් 4% ක හිමිකාරීත්වයක් උසුලන උතුරු පළාත නැඟී එන ආර්ථික කලාපයක් ලෙස හැඳින්විය හැකිය. සේවා අංශයට 4% ක, කෘෂිකාර්මික අංශයට 6% ක සහ කාර්මික අංශයට 2% ක ලෙස සමස්ත ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන උතුරු පළාතේ ආර්ථීකයේ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන වශයෙන් සේවා අංශය දායක වේ. එය 65% කි. මේ අන්දමට ඉතා වැදගත් මෙහෙවරක් ජාතික ආර්ථිකයට ඉටුකරන උතුරු පළාත තවදුරටත් දියුණු කිරීමට බැංකු මූල්‍ය රක්ෂණ සේවා එහි ව්‍යාප්ත කළ යුතුය. මේ අරමුණ ඇතිව උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් වන වවුනියාව දිස්ත්‍රික්කයේ පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සේවා ව්‍යාප්ත කිරීමට ප්‍රාදේශීය කාර්යාලයක් ඉකුත්දා එහි විවෘත කෙරිණි.

 

නව අදහස දක්වන්න