කොම්පඤ්ඤවීදිය දුම්රිය පොළ නඩත්තුව ජෝන් කීල්ස් යළි අරඹයි | දිනමිණ

කොම්පඤ්ඤවීදිය දුම්රිය පොළ නඩත්තුව ජෝන් කීල්ස් යළි අරඹයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) විසින් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අලුත් වැඩියා කිරීම හා නඩත්තු කිරීම සඳහා වන ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ පවත්නා වසර 16ක රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යළි අරඹන ලදි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් නියෝජ්‍ය සභාපති සහ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ සහ ලේකම් නදීජා තම්බයියා යන මහත්ම මහත්මීන් මීට අදාළ ගිවිසුම පසුගිය ජූලි මස 29 දින අත්සන් කරන ලදි.

වානිජ කටයුතුවල කේන්ද්‍රස්ථානයක් වන, 1878 වසරේ ස්ලේව් අයිලන්ඩ් දුම්රිය ස්ථානය ලෙස ද හැඳින් වුණ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය විනිසුරු අක්බාර් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය උරුමයේ පැරැණිතම දායාදයන්ගෙන් එකකි.

 


නව අදහස දක්වන්න