ATOM Technologies වෙතින් මෙරට ප්‍රථම වරට ක්‍රිකට් සිමියුලේටරයක් | දිනමිණ

ATOM Technologies වෙතින් මෙරට ප්‍රථම වරට ක්‍රිකට් සිමියුලේටරයක්

ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් උමතුවේ නවතම අත්දැකීමක් සමීප කරවීම සඳහා ATOM Technologies සමාගම ප්‍රථම වරට 'ATOM Fantasy Cricket Simulator' නමින් ක්‍රිකට් සිමියුලේටරයක් හඳුන්වා දී තිබේ.

ATOM Technologies යනු මෙරට විශාලතම ඩිජිටල් සංඥා පුවරු සමාගමයි. සිමියුලේටරය හඳුන්වා දීමේ උත්සවය පසුගිය ජූලි 04 වැනි දින කලම්බු සිටි සෙන්ටර් හිදී පැවැත්විණි. මේ අවස්ථාවට ක්‍රිකට් රසිකයකු වන මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොමේෂ් කලුවිතාරණ සහ රංගන හේරත් ද එක් වූහ.

‘ක්‍රිකට් කවදත් රටේ ජනතාව එකමුතු කරන ක්‍රීඩාවක්. අපගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඔල්වරසන් දීමේ දී අපට වාද භේද අමතක වී යනවා. ක්‍රිකට් අපට ඒ තරමටම සමීපයි. මෙවැනි පසුබිමක් තුළ ATOM Technologies විසින් මේ ආකාරයට රසික රසිකාවියන්ට සැබෑම ක්‍රිකට් අත්දැකීමක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාකරදීම ගැන මා බෙහෙවින් සතුටු වනවා.” ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

 

නව අදහස දක්වන්න