TVS කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය සාර්ථ­කයි | දිනමිණ

TVS කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය සාර්ථ­කයි

TVS සමාගම පසුගියද නිමාව දුටු ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතුකළේය.TVS කුසලාන තරගාවලිය ලෙස නම්කරනලද එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම මෙරට ක්‍රිකට් රසිකයන්ටද අතිශයින් වැදගත් තරගාවලියක් වූ අතර, මාස 44 ක් පුරා ලැබූ පරාජයන් නිමාකරමින් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. මෙම තරගාවලියේ තවත් වැදගත් සිදුවීමක් වූයේ ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීම ඉතාමත් උත්කර්ෂවත්අන්දමින්, රසික හරසර මැද සිදුවීමයි.ලොව ප්‍රමුඛතම රථවාහන සමාගමක් වනTVS මේවන විටරටවල් 60 කට අධික සංඛ්යාවක ව්‍යාප්තවී ඇත.එම සමාගමේ අනුග්‍රාහය යටතේ පවත්වන ලද මෙම තරගාවලිය, ශ්‍රී ලංකා කණ්ඩායමට තමආත්ම විශ්වාසය නැවත ගොඩනංවා ගැනීමට මෙන්ම තරුණ ක්‍රීඩකයන්ට තම දක්ෂතා විදහා දැක්වීමට අගනා අවස්ථාවක්විය.

මේ පිළිබඳව අදහස් දක්වමින්TVSLanka සමාගමේ විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසුවේ.‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි ජයග්රහණයේ මාවතට අවතීර්ණවූ මේතරගාවලියේ අනුග්රාහකයා ලෙස කටයුතු කිරීමට ලැබීම අපට විශාල සතුටක්.ඒවගේම මේතරගාවලිය මෙරට රසික රසිකාවියන්ට කෙතරම් වැදගත් වූයේද යන්න, ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලිලෙසම පෙනීගියා.Ó යනුවෙණි.

නව අදහස දක්වන්න