මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් ඉහළට | දිනමිණ

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් ඉහළට

දිවයින හරහා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

                                                                  මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                                  2019 අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් සහ පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවේ යැයි බලාපොරොත්තු වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව පළාතේ සහ කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අදදින (31)දහවල් 12.11ටමුසල්පිට්ටි, ඉහළ පුලියන්කුලම,තඹුත්තේගම, පෙරියකුලම සහ මැදිරිගිරියයන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

                                               ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                                2019 අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයිනට දකුණු සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.                        

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරෙයි සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව දැනුම්දෙන අතර නාවුක ප්‍රජාවද මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

සෙසු මුහුදු ප්‍රදේශ වලද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැක.

 

නව අදහස දක්වන්න