සජින් ද වාස්ට එරෙහිව අධිචෝදනා | දිනමිණ

සජින් ද වාස්ට එරෙහිව අධිචෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ 2010 – 2015 අතර කාලය තුළ රුපියල් කෝටි 32 කට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය ගැනෙන වැරදි කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුන්නේ ය.

ඒ, නීතිපතිවරයා පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළේ, විත්තිකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

අනතුරුව සජින් ද වාස් ගුණවර්ධනට විදේශගත වීම වළක්වමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

නඩුව, ඔක්තෝබර් පළමු වැනිදාට කල් තැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ 2010 – 2015 අතර කාලය තුළ රුපියල් කෝටි 32 කට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය යටතේ ගැනෙන වැරදි කිරීමේ චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කෙරිණ.

 

නව අදහස දක්වන්න