භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වෙයි | දිනමිණ

භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

 
(ක්‍රිසන්ති විතාරණ) 
 
අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් අනතුරට ලක්ව පෙරළි ගොස් තිබේ.  
 
එහිදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් විසිදෙනෙකු බේරා ගැනීමට වෙරළ ආරක්ෂක බලධාරින් පියවර ගෙන ඇති අතර තවත් සිව්දෙනෙකු නෞකාවේ සිර වී සියේය. 
 
අනතුරුව පැය 35කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකදි සිරවී සිටි එම පුද්ගලයින් සිව්දෙනා බේරාගැනීමට වෙරළ ආරක්ෂක බළධාරින් කටයුතු කළේය. 
 
වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. මේ අතර අදාළ යාත්‍රාව ඉවත් කිරීමට මේ වන විටකටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නව අදහස දක්වන්න