පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි | දිනමිණ

පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ෆවුස් මොහොමඩ්

එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට සහභාගි වීමට මේ මස අගදී පාකිස්තානයේ සංචාරය කරන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.

ප්‍රබල ක්‍රීඩකයන් දසදෙනකු පාකිස්තාන සංචාරයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ළහිරු තිරිමාන්න සහ විස්සයි20 නායකයා ලෙස දසුන් ශානක පත් කර තිබේ. එක්දින කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර විස්සයි20 කණ්ඩායමට ක්‍රීඩකයෝ 16ක් ඇතුළත් වෙති.

කඩුලු රකින වමත් පිතිකරු මිනෝද් භානුක සහ වමතින් පිත්ත හසුරුවන තුන්ඉරියව් ක්‍රීඩක භානුක රාජපක්ෂ පළමු වරට කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම - ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජෙලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම - දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, ඇන්ජෙලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ළහිරු මධුසංඛ, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර.

නව අදහස දක්වන්න