දියේ ගිලී තරුණයෙක් මියයයි | දිනමිණ

දියේ ගිලී තරුණයෙක් මියයයි

කොත්මලේ - ලිලිස්ලන්ඩ් තේ වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක් 10 දා පස්වරුවේ දියේ ගිලීම නිසා මිය ගිය බව පොලිසිය පැවසීය.

මෙසේ මිය ගියේ කොත්මලේ වෙලමුල්ල තේ වත්තේ ලිලිස්ලන්ඩ් කොටසේ පදිංචි කරුවකු වු රාජේන්ද්‍රන් නවනේන්ද්‍රන් නමැති අවිවාක තරුණයෙකි.

ඔහු එදින පෙරවරුවේ තම නිවෙසේ සිට සිය එළවළු කොටුවට යන බව පවසමින් නික්ම ගිය බවත් දිවා කාලය පසු වන තුරුත් නිවෙසට නොපැමිණිම නිසා සොයා බැලිමේදී කොත්මලා ඔයට ජලය සැපයෙන ඇළ මාර්ගයක වැටී සිටියදී සොයා ගත් බව ඥාතින් පවසා තිබේ.

පසුව නුවරඑළිය රජයේ මුලික රෝහල වෙත රැගෙනවිත් ඇති අතර ඊට ඇතුළත් කරන විටත් ඔහු මිය ගිගොස් ඇති බව දන්වා තිබේ.

මෘත දේහය එම රෝහලේ තැන්පත් කර ඇති අතර 11 දිනයේදී පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. කොත්මලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හැටන් සමුහ - චන්දන ජයවීර

නව අදහස දක්වන්න