වැසි තත්ත්වය තවදුරටත් ඉහළට | දිනමිණ

වැසි තත්ත්වය තවදුරටත් ඉහළට

ගත වූ පැය 24 තුළ හා ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ඉහළ මට්ටමේ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකිය.

මේ අතර නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇත.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ක තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක

නව අදහස දක්වන්න