පාස්කු තේරීම් කාරක සභාවේ නිල කාලය දිගු වෙයි | දිනමිණ

පාස්කු තේරීම් කාරක සභාවේ නිල කාලය දිගු වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

ඊට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

මෙම තේරීම් කාරක සභාවේ නිල කාලය ලබන 30 වනදායින් අවසන්වීමට නියමිතව තිබූණි.

පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද යෝජනාවකට අනුව මෙම තේරීම් කාරක සභාව පසුගිය මැයි 22 වනදා පිහිටුවනු ලැබීය.

 

නව අදහස දක්වන්න