කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය ‘මොබිල් 01’ අශාන්-ඒරන් දක්ෂයෝ වෙති | දිනමිණ

කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය ‘මොබිල් 01’ අශාන්-ඒරන් දක්ෂයෝ වෙති

හච් ශ්‍රී ලංකා සුපර් සීරිස් 2019 තුන්වන අදියර වන ‘මොබිල් 01’ කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලියේ දක්ෂතම රියදුරු ලෙස අශාන් සිල්වාත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඒරන් ගුණවර්ධනත් සම්මාන දිනා ගත්හ.

යතුරුපැදි තරග ඉසව් 15කින් හා මෝටර් රථ තරග ඉසව් 16කින් තරගකරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති වසරේ දැවැන්තම මෝටර් රථ හා යතරුපැදි තරගාවලිය වු ‘මොබිල් 01’ කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලියේදී එස්.එල්./ජී.ටී. කාණ්ඩයේ 3500 සී.සී. මෝටර් රථ තරග දෙකෙන්ම අභියෝගයකින් තොරව තරගය නිමා කළ අශාන් සිල්වා දක්ෂතම රියදුරු ලෙස කුසලාන දිනාගැනීමට සමත්වු අතර ඒරන් ගුණවර්ධන යතුරුපැදි ශූරතා තරග ඉසව් දෙකකින් ප්‍රථමයා වෙමින්ද එක් තරගයකින් දෙවැන්නා වෙමින්ද ප්‍රසාද ලකුණු පුවරුවේ වැඩිම ලකුණුලාභියා ලෙස දක්ෂතම ධාවකයාට හිමි කුසලානය තමන් සතු කරගැනීම සමත් විය.

කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් පථයේදී පැවැති මේ තරගාවලිය ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (AMRC) හා ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) සමග එක්ව සංවිධාන කළේය.

අශාන් සිල්වා ජයගත් එස්.එල්./ජී.ටී. කාණ්ඩයේ 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකේ පළමු තරගයෙදී උෂාන් දෙවැන්නා වු අතර එම තරගයේ තෙවැනියා වූ කුෂාන් දෙවැනි තරගයේදී දෙවැනි වූ නමුත් අවසන් වටයේ අවසන් මීටර් 500 අතුළතදි සිදුවීමට ගිය අනතුරක් නිසා කුෂාන් හා උෂාන් දෙදෙනාටම දෙවැනි ස්ථානය අහිමිවූ අතර මිස්සක නවීන් දෙවැන්නා විය.

‘එම්’ කාණ්ඩයේ එස්.ඊ.කේ. 900 – 1000සී.සී. යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රථමයා වෙමින් හා ‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී. (4ටී.)සුපර් ස්පෝට් යතුරුපැදි පළමු තරගයෙන් ප්‍රථමයා වෙමින්ද එම ඉසව්වේම දෙවැනි තරගයෙන් දෙවැන්නා වීමටද ඒරන් ගුණවර්ධන සමත් විය. ප්‍රවීණයන් සමුහයක් සමග ඉතාමත් තියුණු තරගයක නියැලුණු ඒරන් ගුණවර්ධන ‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී. (4ටී.) සුපර් ස්පෝට් යතුරුපැදි දෙවන තරගයෙන් දෙවැන්නා වුයේ සොයෙල් ඩැනියල්ටය. එම ඉසව්වේ පළමු තරගයෙන් සොයෙල් ඩැනියල්ගේ සොහොයුරු නෙට් ඩැනියල් දෙවැන්නා වු අතර ඒරන් ජයගත් ‘එම්.‘කාණ්ඩයේ එස්.බි.කේ. 900-1000සී.සී. යතුරුපැදි තරග ඉසව්වෙන් නඳුන් විජේසේකර දෙවැන්නා විය. ප්‍රවීණ යතුරුපැදි ධාවක මධුරංග කල්දේරාට හිමිවුයේ තෙවැනි ස්ථානයයි.

මෙවන් පෙරේරා එස්.එල්./එෆ්. කාණ්ඩයේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.(කාබියූලේටර්) තරග ඉසව් ද්විත්වයම ජයගත් අතර චන්දිම ගුණරත්න එස්.එල්./එෆ්. කාණ්ඩයේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.(ඊ.එෆ්.අයි.) පළමු තරගයෙන් ජයහිමිකර ගත්තේය. නමුත් එම ඉසව්වේ දෙවන තරගනේ ජය හිමිවුයේ බ්‍රයන් පෙරේරාටයි.

ආධුනිකයන් සඳහා වු එස්.එල්./ඊ. කාණ්ඩයේ ෆෝඩ් ලේසර් /මැස්ඩා 1300 සී.සී. තරග ඉසව්වෙන් රෂිත ප්‍රසන්න ජය හිමිකරගත් අතර ප්‍රවීණයන් සඳහා වු එස්.එල්./එන්. කාණ්ඩයේ ෆෝඩ් ලේසර් /මැස්ඩා 1300 සී.සී. තරග ඉසව්වෙන් ඉමේෂ් සිල්වා ජය හිමිකරගත්තේය. ආධුනිකයන් සඳහාවු එස්.එල්./ඊ. කාණ්ඩයේ නිසාන් මාච් 1000 සී.සී. තරගයේ ජය එම්.එම්. ජයන්තට හිමිවු අතර තිරාන් පෙරේරා ‘ඒ’ කාණ්ඩයේ 1050 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ජය හිමිකරගැනීමට සමත් විය.

සංගීත් විජේසූරිය එස්.එම්. සුපර් මෝටාඩ් විවෘත 125-500 සී.සී.(2ටී.)/ 250-750 සී.සී. (4ටී.) තරග ඉසව්වෙන් හා එම ඉසව්වේම විවෘත ඉසව්වද ජයගත්තේය.

තරග ප්‍රතිඵල යතුරුපැදි

‘ඕ’ කාණ්ඩයේ නවීකරණය නොකළ160 සී.සී.

*.ඉසුරු මධුෂාන්, 2.සජිත් නිමේෂ් ප්‍රනාන්දු, 3.ගිහාන් මධුසංඛ

‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී.

*.එච්.එම්. එස්. භානුක, 2.කේ.ජී. ගිහාන් මධුසංඛ, 3.ඒ.ඩී.එස්.ඒ. සුපුන්

‘ඕ’ කාණ්ඩයේ හොන්ඩා සී.බී. ආර්.250 සී.සී. (මොනෝ සිලින්ඩර්) වන් මේක්

*.රිෂිත ප්‍රසන්න, 2.සුජිත් නිමේෂ් ප්‍රනාන්දු, 3.නවිෂ්ක පෙරේරා

එස්.එම්. සුපර් මෝටාඩ් 100-125සී.සී.(2ටී.)/175-250 සී.සී. (4ටී.)

*.දුෂාන් මුදලිගේ, 2.සංජය ගුණවර්ධන, 3.චමින්ද ද සිල්වා

යමහා එෆ්.ඉසේඩ.150 සී.සී. වන්මේක්

*.යු.අමිල පැතුම්, 2.එච්.ජී. පැතුම් කුමාර, 3.කල්හාර ප්‍රනාන්දු

එස්.එම්. සුපර් මෝටාඩ් විවෘත 125-500 සී.සී.(2ටී.)/250-750 සී.සී. (4ටී.) -1

*.සංගීත් විජේසූරිය, 2.ශීරාන් ඩෝල්, 3.දේශාන් සොලංකී

‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී. 175-250 සී.සී.(4ටී.)

*.ශීමන් ප්‍රනාන්දු, 2.එච්.ජී. නිපුන ඩිලංක, 3.දිනෙත් රණසිංහ

‘එම්’ කාණ්ඩයේ සුපර් ස්පෝට් 600 සී.සී. (4ටී.)

*.ඒරන් ගුණවර්ධන, 2.ජේඩින් ගුණවර්ධන, 3.නෙට් ඩැනියෙල්

‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී.125 සී.සී.(2ටී)

*.ඩබ්. විරසිංහ, 2.ස්ටෙෆාන් ප්‍රනාන්දු, 3.එන්.එස්.එම්. ෂසේන්

‘ඕ’ කාණ්ඩයේ එස්.ටි.ඩී.125 - 160 සී.සී. (4ටී.) මොනෝ සිලින්ඩර්

*.හංසිකා අබේසිංහ, 2.නිකිල පතිරගේ, 3.විනුල පතිරගේ

‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී. (4ටී.)සුපර් ස්පෝට් -1

*.ඒරන් ගුණවර්ධන, 2.නෙට් ඩැනියෙල්, 3.ජේඩින් ගුණවර්ධන

500-1300 සී.සී. ස්පෝට් ටුවරීන්

*.ශසික සඳරුවන්, 2.මුෂාරෆ් ෆූවාඩ්, 3.අකලංක පෙරේරා

එස්.එම්. සුපර් මෝටාඩ් විවෘත 125-500 සී.සී.(2ටී.)/ 250-750 සී.සී. (4ටී.) -1

*.සංගීත් විජේසූරිය, 2.දේශාන් සොලංකී, 3.ශීරාන් ඩෝල්

‘එම්’ කාණ්ඩයේ එස්.ඊ.කේ. 900-1000සී.සී.

*.ඒරන් ගුණවර්ධන, 2.නඳුන් විජේසේකර, 3.සොයෙල් ඩැනියෙල්

‘එම්’ කාණ්ඩයේ එස්.ටි.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී. (4ටී.)සුපර් ස්පෝට් -2

*.සොයෙල් ඩැනියල්, 2.ඒරන් ගුණවර්ධන, 3.මධුරංග කල්දේරා

මෝටර් රථ

එස්.එල්./ඒ. කාණ්ඩයේ මිනි 07

*.නීල් විජේසිංහ, 2 .ආර්. තනුෂ්, 3.ඩබ්. එන්.එස්. තිසර

‘ඒ’ කාණ්ඩයේ 1050 සී.සී.

*.තිරාන් පෙරේරා, 2.සුරේන්ද්‍ර ගුණවර්ධන, 3.චමෝද් පෙරේරා

එස්.එල්./ඊ. කාණ්ඩයේ නිසාන් මාච් 1000 සී.සී.

*.එම්.එම්. ජයන්ත, 2.දිලූප පල්ලියගුරු. 3.ඉමේෂ් තෙන්නකෝන්

එස්.එල්./එච්. කාණ්ඩයේ සුභාරු ලෙගසි 2000 සී.සී.

*.මල්ලික කුරුවිටආරච්චි, 2.ශිරාන් ඩෝල්, 3.මේනක සඳරුවන්

එස්.එල්./ජී.ටී. කාණ්ඩයේ 3500 සී.සී. -1

*.අශාන් සිල්වා, 2.උෂාන් පෙරේරා, 3.කුෂාන් පෙරේරා

එස්.එල්./ඊ. කාණ්ඩයේ ෆෝඩ් ලේසර් /මැස්ඩා 1300 සී.සී.

*.රෂිත ප්‍රසන්න, 2.ශේන් ඩී. සිල්වා, 3.කෝලිත එදිරිසිංහ

එස්.එල්./එෆ්. කාණ්ඩයේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.(කාබියූලේටර්) -1

*.මෙවන් පෙරේරා, 2.ශීයාන් සේනක රොද්‍රිගු, 3.ගයාන් ද සිල්වා

එස්.එල්./එෆ්. කාණ්ඩයේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.(ඊ.එෆ්.අයි.) -1

*.චන්දිම ගුණරත්න, 2.බ්‍රයන් පෙරේරා, 3.කෙවින් පෙරේරා

එස්.එල්./එච්. කාණ්ඩයේ 1600 සී.සී.

*.රන්දික නිරෝෂ්, 2.ඉර්ෆාම් ෆූවාඩ්, 3.ඉර්ෂාඩ් ෆාම්

එස්.එල්./ඊ. කාණ්ඩයේ 1275 සී.සී. මිනි

*.කුෂාන් පෙරේරා, 2.සඳරු විරසිංහ, 3.ඩබ්.පී. දිස්මාල් සංකල

එස්.එල්./එස්. කාණ්ඩයේ 1500 සී.සී.

*.සකීර් වාහාබ්, 2.ඉර්ෂාඩ් ෆාම්, 3.කාමිල් හුසේන්

එස්.එල්./එන්. කාණ්ඩයේ ෆෝඩ් ලේසර් /මැස්ඩා 1300 සී.සී.

*.ඉමේෂ් සිල්වා, 2.මිහාන් පිරීස්, 3.ශානක ඩයස්

එස්.එල්./එෆ්. කාණ්ඩයේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.(කාබියූලේටර්) -2

*.මෙවන් පෙරේරා, 2.ශීයාන් සේනක රොද්‍රිගු, 3.සුජාන් වර්ණකුලසූරිය

එස්.එල්./එෆ්. කාණ්ඩයේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී.(ඊ.එෆ්.අයි.) -2

*.බ්‍රයන් පෙරේරා, 2.කෙවින් පෙරේරා, 3.චන්දිම ගුණරත්න

එස්.එල්./එන්. කාණ්ඩයේ ෆෝඩ් ලේසර් /මැස්ඩා 1500 සී.සී.

*.තරිදු ධර්මරත්න, 2.මිහාන් පිරීස්, 3.නිශාන්ත සේනාධීර

එස්.එල්./ජී.ටී. කාණ්ඩයේ 3500 සී.සී. -2

*.අශාන් සිල්වා, 2.මිස්සක නවීන්, 3.කුෂාන් පෙරේරා

සටහන සහ ඡායාරුප ගීෂා මුණසිංහ

 

නව අදහස දක්වන්න