හාලි ඇල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව හා විදුහල්පති නිල නිවස සිසු අයිතියට | දිනමිණ

හාලි ඇල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව හා විදුහල්පති නිල නිවස සිසු අයිතියට

රජය මගින් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් වැය කර නවීකරණය කරන ලද හාලි ඇල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව හා අලුතින් ඉදිකරන ලද විදුහල්පති නිල නිවස සිසු අයිතියට පත්කිරීම ඌ‌ව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එම අවස්ථාව සදහා හාලිඇ‌ල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක , උප සභාපති උපාලි කාරියවසම් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හාලි ඇ‌ල ප්‍රාදේශීය ලේකම් අසංක අනුරුද්ධ, හාලිඇ‌ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සරංගි හෙට්ටිආ‌රච්චි, ඇතුළු විශාල පිරිසක් සහභාගීවුහ.

හාලිඇල මහා විද්‍යාලයේ විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා ඇතුළු ගුරු මණ්ඩලය උත්සවය සංවිධාන කළහ .

ජායාරූපය මීගහකිවුල සමූහ එන් නවරත්න

 

නව අදහස දක්වන්න