ආබාධිත රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක් | දිනමිණ

ආබාධිත රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

සුභාෂීණී සේනානායක

රණවිරු වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවන් සිදු කරන උද්ඝෝෂණයේදී ජනාධීපති මන්දිරියට ජනාධිපති ලේකම් කාර්යාලයට අරලිය ළඟ මන්දිරිය අගමැති කාර්යාලයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට ඇතුලු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (18) නියෝගයක් නිකුත් කෙළේය.

මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ අද නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බලමිණි.

මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය නිකුත් කලේ සමස්ත ලංකා ආබාධිත රණවිරු එකමුතුවේ කැදවුම්කරු අනුර වැලිගම, රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති උඩවත්තගේ දොං වසන්ත, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජීත් ප්‍රසන්න ඇතුලු රණවිරු සංවිධාන 13 කැදවුම්කරුවන්ට වේ.

උද්ඝෝෂකකරුවන් සමග විශ්ව විද්‍යාල සිසුන් 2000ක් පමණ සහභාගි වීමට ඉඩ තිබෙන බවත් එහිදි පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන ඔවුන්ගේ ගිණි අවි උදුරාගැනීමෙට සැලැස්මක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබි ඇති බවටත් නිතිඥ අජිති රෝහණ මහතා අධිකරණයට දන්වා සිටියේය.

රණවිරුවන් නිත්‍යානුකූල නොවන අන්දමින් කොටුව දුමිරිය පොළ ඉදිරිපි රැදි සිටින බවට අධිකරණයට කියා සිටි ඒ මහතා රටට විශාල සේවාවක් සිදු කළ ඔවුන් එහි නිති්‍යානුකූ නොවන යයුරින් රැදි සිටියද ඔවුන් කළහකාරි ලෙස හැසිරෙමින් සිදු කිරීමට යන ක්‍රියාවන් හේතුවෙන් ජ්‍යාත්තන්රය හමුවේ නැවතත් රට කොළඹ නගරය සංචාරයට නුසුදුසු අපකීරිත්යට පත් වන බවත් කියා සිටියේය.

රාජ්‍ය නිලධාරින් රාකාරියේ යෙදී සිටින ජනාධිපති මන්දිරය සහ රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් ඇතුල් වීමෙන් වළකින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම උද්ඝෝෂණය සාමකාමීව සිදු කළ හැකි බවත් උද්ඝෝෂනය පෙළපාළිය හේතුවෙන් මහාමාර්ගයේ ගමන් ගන්නා මගීන්ට වාහනවලට සහ මහජනතාවට පීඩාවක් වන අයුරින් සිදු කිරිමෙන් වැළකී සිටින ලෙසටත් නියෝග කළාය.

එම උද්ඝෝෂණය සහ පෙළපාලිය සාමකාමීව සිදු කළ හැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් වරිය නියෝග නොතකා ක්‍රියාකරන්නේ නම් වහාම නිතිමය පියවර ගන්නා ලෙසට නියෝග කළාය.

මංමාවත් ආඥා පනත,පොලිස් ආඥා පනත අතුලු අණ පනත් වලට අනුව පියවර ගත යුතු බව මහේස්ත්‍රාත්වරිය කොටුව පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගයේ පිටපත් උද්ඝෝෂක කරුවන්ට සහ පෙළපාලිකරුවන්ට පෙනෙන සේ උස් ස්ථානවල ප්‍රදර්ශණය කළ යුතු බවටද නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරි වීර‍සේකර ඇතුලු එම සංගමයේ 1500ක පමණ ක්‍රියාකාරින් පිරිසක් කොළඹ කොටුව දුම්රිය පළ සිට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පාගමිනින් පැමිනෙන බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවටත් මෙම පිරිස මෙලෙස කළහකාරි ලෙස හැසිරෙමින් මහජන පීඩාවක් සිදු කරන බවටත් ඉන් විශාල මාර්ග අවහිරතාවක් ඇති විය හැකි බවටත් කරුණු ඉදිරිපත් කරමින් කොළඹ කොටුව ප්‍රධාන පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කළ දැනුම් දීමෙන් අනතුරුවය. රාජ්‍ය බුද්ධි අංශ සහ අනෙකුත් පොලිස් ස්ථාන වලින් තොරතුරු ලැබී ඇති බවටත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් විශාල මහජන පිඩාවක් සිදුවන බවට ප්‍රකාශ කළ බව කොළඹ කොටුව ප්‍රධාන පොලිස් ස්ථානාධිපතිවරයා මෙම උද්ඝෝෂනය වළක්වාලීමට සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසට අධීකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

එමෙන්ම මෙම පිරිසට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපට වෙනමම ස්ථානයක් වෙන් කළ බවත් කියා සිටියේය. එම කරුණූ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රාජ්‍ය සේවයේ නිත්‍යානූකූලව සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරින්ට හිරිහැර වන අයුරින් සහ මහජන පීඩාවක් ඇති වන අයුරින් සහ සාමය කඩවන සුළු ආකාරයෙන් නිති විරෝධීව කටයුතු කිරිමෙන් වැළැකී සිටින ලෙසටද උද්ඝෝෂකකරුවන්ට නියෝග කළාය.

මේ උද්ඝෝෂකකරුවන්ට මෙවැනිම සිද්ධින් දෙකක් සඳහා නඩු පවරා ඇති බවටත් මෙම උද්ඝෝෂකකරුවන්ට මින් පෙර පැවැති උද්ඝෝෂන අවස්ථාවලදීද කළහකාරි ලෙස හැසිරුණු බවටත් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි දේපල වලට අලාභ හානි සිදු කළ බවටත් අධිකරණයට කි පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිස මෙයට පෙර මෙවැනිම උද්ඝෝෂන සිදු කිරීම් සම්බන්ධව උද්ඝෝෂණ වල ඡායාරූප සහිතව පෙර පැවැති නඩු වාර්තා අධිකරණයට ඉදිරිපත් කළහ.

මෙම උද්ඝෝෂනය පැවැත්වුවහොත් විශාල මහජන පීඩාවක් ඇතිවිය හැකි බවන බවත් රථවාහන තදබදයක් ඇති වීමෙන් මාර්ග අවහිර විය හැකි බවත් වැඩිදුරටක් කරුණූ ඉදිරිපත් කරමින් කියා සිටියේය.

නව අදහස දක්වන්න