ආබාධිත විරුවන්ගේ ගැටලුවවිසඳීම අවසන් අදියරේ | දිනමිණ

ආබාධිත විරුවන්ගේ ගැටලුවවිසඳීම අවසන් අදියරේ

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ට අවුරුදු 55න් පසුවත් වැටුප් ගෙවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන් අදියරේ සාර්ථකව සිදුවන බැවින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් සාමකාමීව සත්‍යග්‍රහය අත්හරින ලෙසත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත්කරමින් ඉල්ලා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

පසුගිය දින කිහිපයක සිට යුද්ධයෙන් ආබාධිත වුණු රණවිරුවන් පිරිසක් ඔවුන්ට අවුරුදු 55න් පසුවත් තමන්ගේ වැටුප් ගෙවන්න කියලා ඉල්ලමින් සත්‍යග්‍රහයක නිරත වෙලා ඉන්නවා. මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාව වනවිට එම ගෙවීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරවුල් කර කාර්යාල පටිපාටිය සිදුකර එම වාර්තා සකස් කරමිනුයි තිබුණේ. එම වාර්තා පසුගිය 16 වෙනිදා ආරක්ෂක ලේකම්තුමා විසින් ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා එම වාර්තා අත්සන් කරලා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලය මේ සඳහා සතියක කාලයක් ඉල්ලලා තිබෙනවා. ඒ අනුව ඊළඟ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව කටයුතු කරනු ඇති. මේ වනවිට ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා මොවුන්ව හම්බවෙලා දැනුවත් කරල තිබෙනවා. මේ වනකොට මෙම කටයුතු අවසන් අදියරේ සාර්ථකව සිදුවෙන නිසා ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් සාමකාමීව මෙම සත්‍යග්‍රහය අත්හරින ලෙසත් මම ඉල්ලා සිටිනවා.

නව අදහස දක්වන්න