සැමට සෙවන වැඩ­ස­ට­හ­නින් මාතර ජන­තා­වට නිවාස | දිනමිණ

සැමට සෙවන වැඩ­ස­ට­හ­නින් මාතර ජන­තා­වට නිවාස

සැමට සෙවන වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මාතර දිස්ත්‍රික්කයේ නිවාස නොමැති ජනතාව සඳහා රුපියල් මිලියන එක්දහස් හාරසිය පනස් එකයි දශම හතයි තුනක (1451.73) වියදමින් නිවාස තනාදී ඇත.

මෙමගින් සහන ලැබී ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව එකොළොස් දහස් තුන්සිය හැට අටක් බවත් 2025 වන විට දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සැලසුම බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කළමනාකාරීනී එස්. එම්. මල්ලිකා මහත්මිය පැවසුවාය.

දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධනය පිළිබඳ දැණුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඒ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය. ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ගම්මාන හතලිස් හතරක් සෑදීමට පියවර ගෙන ඇති අතර ඉන් දෙකක වැඩ අවසන්කර ජනතා අයිතියට පත්කර තිබෙනවා.මෙයට අමතරව විසිරි නිවාස ණය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් හාරදහස් හාරසිය පනහකට පමණ රුපියල් මිලියන පන්සිය විසිතුනයි දශම අටයි පහක ප්‍රතිපාදන ප්‍රදානය කරලා. රුපියල් මිලියන තිස්හයයි දශම එකයි දෙකයි හයක වියදමින් සිමෙන්ති ආධාර පිරිනමා ඇති අතර විරු සුමිතුරු වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් අසූවක් සඳහා ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන හතලිස් හයයි දශම බින්දුවයි පහක්.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් සහකාර සාමාන්‍යාධිකාරී වයි. ඩබ්ලිව්. එම්. අබේධීර මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූපය - ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

නව අදහස දක්වන්න