වෙරළ තීරය පිරි­සුදු කරන්න සැමගේ සහාය | දිනමිණ

වෙරළ තීරය පිරි­සුදු කරන්න සැමගේ සහාය

මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතූන් නිසා දැඩි ලෙස අපවිත්‍රවී තිබු අහංගම මුහුදු වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් අහංගම පොලිසියේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. ගාල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් අසූ දෙනෙක්ද රත්මලාන කොතලාවලපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පනස් දෙනෙක් සහ ප්‍රදේශවාසින් පිරිසක්ද මෙම වැඩසටහනට සහභාගී වුහ. මෙහිදී ගොවියාපානේ සිට කතලුව දක්වා වෙරළ තීරය පිරිසිදු කරනු ලැබිය. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි අහංගම පොලිස් ස්ථානාධිපති මංජුල කුමාරවඩු මහතාගේ මෙහෙයවීම යටතේ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහන පැවැත්විණි.

සටහන සහ ඡායාරූපය- අහංගම සමුහ ආර්.එල් දීයගහගේ

නව අදහස දක්වන්න