තවත් විහාරස්ථාන 36කට ජනපති අතින් මුල්‍යාධාර... | දිනමිණ

තවත් විහාරස්ථාන 36කට ජනපති අතින් මුල්‍යාධාර...

දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරන ලද බෞද්ධ පුනරුද අරමුදල යටතේ තවත් විහාරස්ථාන 36ක් සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අදාළ විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් වෙත චෙක්පත් පිළිගැන්වීම සිදුකෙරිණි. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව බෞද්ධ පුනරුද අරමුදල 2016 වසරේ දී ආරම්භ කරන ලද අතර රටපුරා අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් මේ වනවිට පිරිනමා තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය හා ශ්‍රම දායකත්වය එම සංවර්ධන කටයුතු සඳහා ලබාදීම ද සිදුකෙරුණු අතර ඒ අනුව විහාරස්ථන රැසක සංවර්ධන කටයුතු මේ වනවිට සාර්ථකව නිමකර ඇත. ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න