කැලණි හා අත්තනගලුඔය අවදානම් මට්ටමට | දිනමිණ

කැලණි හා අත්තනගලුඔය අවදානම් මට්ටමට

ගෙවුනු පැය 24 තුල කැලණි හා අත්තනගලු ගංගා ධාරා ප්‍රදේශයන් වෙත ලැබුණු අධික වාර්ෂාපතනය නිසා කැලණි ගඟෙහි නාගලගම්වීදිය,හංවැල්ල හා ග්ලේන්කොස් ජල මිණුම් ස්ථානවල ජල මට්ටම් අවධානයෙන් සිටින යුතු ජල මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.
 
කැලණි ගඟ හා ඊට ආසන්නයේ පහත් බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර තත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.
 
එසේම අත්තනගලු ඔය දුනමලේ ජල මිණුම් ස්ථානය ද සුළු ගංවතුර මට්ටම පැමිණ තිබේ. ඒ අනූව, අත්තනගලු ඔය ආශ්‍රිතව මීගමුව,ජාඇල,කටාන,මිනුවන්ගොඩ,ගම්පහ හා අත්තනගල්ල ප්‍රදේශවල වෙසෙන හදිසි ගංවතුර තත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙයි.

නව අදහස දක්වන්න