Jiffy Products Sri Lanka 2019 වසරේ දී ජාතික සම්මාන 3ක් දිනයි | දිනමිණ


 

Jiffy Products Sri Lanka 2019 වසරේ දී ජාතික සම්මාන 3ක් දිනයි

2017/2018 ජාතික තත්ත්ව සම්මාන ප්‍රදානෝත්සවයේ දී නිෂ්පාදන (මහා පරිමාණ) කාණ්ඩයේ ජයග්‍රහකයා ලෙස කිරුළු දැරීමට Jiffy Products Sri Lanka මෑතක දී සමත්විය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධාන කර තිබුණු මේ සම්මාන උළෙලේ දී ජාතික නිෂ්පාදනවල ප්‍රමිතිය ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයන්ට රැගෙන යෑමට උරදෙන ශ්‍රී ලාංකික සමාගම් වෙත සම්මාන ප්‍රදානය කෙරිණි’. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිකරණ ව්‍යුහය වන අතර, සම්මත තත්ත්වයන් නිර්මාණය කරමින් ප්‍රමිතිය ඉහළ නැංවීමට නායකත්වය ගන්නා සහ ශ්‍රී ලංකාවේ සියලුම ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රමිතිය ගොනැංවීමට දායකත්වය ලබාදෙයි.

Jiffy Products Sri Lanka යනු යුරෝපයට, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, ඉන්දියාව, අප්‍රිකාව, ජපානය සහ තවත් රටවල් 40කට අපනයනය කිරීම වෙනුවෙන් පොල්ලෙලි පදනම් කරගත් පැළ වර්ධක මාධ්‍ය නිෂ්පාදනය කරන ආයතනයකි. ශ්‍රී ලංකාවේ පොල් පදනම් කරගත් කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අගය එකතු කළ නිෂ්පාදන සිදුකරන විශාලතම ආයතනය ලෙස Jiffy Products Sri Lanka ආයතනය සැලකෙන අතර, ISO 22000 ආහාර සුරක්ෂතා තත්ත්ව සහතිකලත් වර්ධක මාධ්‍ය නිෂ්පාදනය කරන ලෝකයේ එකම ආයතනය ද වේ.

නව්‍යකරණයෙන් ඉදිරියට යමින් පොල් ආශ්‍රිත කර්මාන්තයේ සීමා මායිම් පුළුල් කරන ඔවුන් ප්‍රමිතියෙන් උසස් නිපැයුම් සිදුකරමින් ගෝලීය වෙළෙඳ පොළ සමඟ කරට කර තරග කරයි. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධාන කළ ජනාධිපති අපනයන සම්මාන 2018/2019 උළෙලේ දී පොල් ආශ්‍රිත උපස්ථර නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන ලබා ගැනීමට Jiffy සමත්විය.

මෙය ශ්‍රී ලංකාවේ අගය එකතු කළ අපනයන භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස ඔවුන් දිනාගත් තවත් ගෞරවනීය සම්මානයකි. සිය අපනයන නිෂ්පාදන සඳහා ඉහළ අගයක් එකතු කරමින් රටට ඉතා විශාල ප්‍රාග්ධනයක් රැගෙන ඒමට කටයුතු කිරීම වෙනුවෙන් තවත් සම්මානයක් සඳහා Jiffy සුදුසුකම් ලැබීය. පසුව එළැඹි සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ 27වැනි වාර්ෂික NCE අපනයන සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික ගමන් මඟේ තවත් සුවිශේෂී මං සලකුණක් තබමින් Jiffy Sri Lanka සම්මානයට පාත්‍රවිය. 2009 සිට පුරා වසර 11ක් නොකඩවා මේ සම්මානය ලබා ගැනීමට Jiffy Sri Lanka සමත්වූ අතර මෙවර පොල් සහ පොල් පදනම් කරගත් නිෂ්පාදන අංශයේ මහා පරිමාණ නිෂ්පාදන අපනයන කාණ්ඩයේ රිදී සම්මානය ලබා ගැනීමට ඔවුන් සමත්වී තිබේ.

සම්මාන දිනා ගැනීමෙන් පසුව ඒ සුවිශේෂී මොහොත පිළිබඳ අදහස් දැක්වූ Jiffy products Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක රුවන් රාජපක්ෂ මහතා, ‘එකදිගට සම්මාන තුනක් ලබා ගැනීමට හැකිවීම ගැන අපට තියෙන්නේ ඉමහත් ආඩම්බරයක්. නව්‍යතාවය, තත්ත්වය සහ අගය එකතු කිරීම යන මූලික පදනම් තුන මත පිහිටා අපේ ආයතනයේ සියලු කාර්යයන් සිදු කරනවා. අපේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීමට හැම තැනකින්ම අගයක් ලැබුණා. මේ සාර්ථකත්වයේ සියලු ගෞරවයන් අපේ සේවක මණ්ඩලයේ සෑම දෙනාටම එකහා සමානව ලැබිය යුතුයි.‘

අගය එකතු කළ නිෂ්පාදන තුළින් නව ව්‍යාපාර මාවත් නිර්මාණය කර ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නඟා සිටුවීමට ඇති හැකියාව පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස Jiffy Products හඳුන්වාදි හැකිය. ග්‍රාමීය මට්ටමේ ජන සමාජයන් වෙනුවෙන් අප දක්වන දායකත්වයේ පරිමාව අගය එකතු කළ අපනයන නිෂ්පාදන සඳහා අපේ කැපවීම තුළින් යළිත් තහවුරු වේ. ග්‍රාමීය ප්‍රදේශයන්ගෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා Jiffy Products Sri Lanka ආයතනය මිලියන 1200කට වඩා වාර්ෂිකව වැය කරන අතර කාර්ය මණ්ඩලෙය් සහ සේවා අංශයේ ගොඩනැංවීම වෙනුවෙන් තවත් මිලියන 400ක් පමණ වැය කරයි. අගය එකතු කළ අපනයන ක්ෂේත්‍රයේ අප ලබාගත් ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ අගය එකතු කළ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අභිමාණය ඉහළින් තැබීමට ඉවහල්වී තිබේ.

දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල, රජයේ පර්යේෂණ ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිය නිෂ්පාදන සහ එහි ක්‍රියාවලින් නැංවීම උදෙසා පරීක්ෂණ සහ සංවර්ධන අංශය මෙන්ම නව නිපැයුම් අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉතා විශාල ආයෝජන ප්‍රමාණයක් Jiffy Products Sri Lanka ආයතනය සිදුකර ඇත. lean manufacturing ක්‍රමය පිළිබඳ දැඩි විශ්වාසයක් තබාගෙන සිටින එම ආයතනයේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනෙක් Six Sigma Green belt තත්ත්වය ලබා තිබේ. ආයතනය විසින් ISO 9001:2015, ISO 14001:2015, ISO 18001:2007, ISO 22000-2005, OMRI (Organic Material Review Institute) Certificate, GMP (Good Manufacturing Practice) iy RHP quality mark by the European Certification, EU Input Organic Certification & ECO CERT Certification ආදී විවිධ නිෂ්පාදන සහ පද්ධති තත්ත්ව සහතික සඳහා හිමිකම් කියයි.

ආයතනය විසින් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට විවිධ නව නිෂ්පාදන ක්‍රියාවලි ආකෘති හඳුන්වා දෙමින් වඩාත් කාර්යක්ෂම, තිරසර සහ පාරිසර හිතකාමී මෙහෙයුම් කරගෙන යෑමට කටයුතු කරයි. මේ නව්‍ය මෙහෙයුම් පද්ධතීන් එම ක්ෂේත්‍රයේ වෙන කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන අසමසම මෙහෙයුම් ආකෘතිවන අතර (Reduce, Reuse, Recycle) සංකල්පය මත පදනම්ව ඔවුන් සිය නිෂ්පාදන ක්‍රියාවලය පවත්වාගෙන යයි. මෙහි දී ක්‍රියාවලිය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය අවම කරමින්, පොල්ලෙලි ප්‍රතිකාරක නැවත ක්‍රියාවලිය තුලටම එකතු කර ගැනීම, අපද්‍රව්‍ය ජෛවීය නයිට්‍රීහරණය ස්වංක්‍රියව සිදුවීම, අවසාන අපද්‍රව්‍ය කොම්පොස් නිපදවීම සඳහා යොදාගැනීම ආදී ඉතා ඉහළ පරිසර හිතකාමී ක්‍රියාවලියක් සිදුවෙයි.

 

නව අදහස දක්වන්න