පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකයක් | දිනමිණ

පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකයක්

 මෙවර ජනාධිපතිවරණයට අදාළව  පූර්ව මැතිවරණ සමයේ ක්‍රියාත්මක වූ පරිදිම මැතිවරණ දිනයේදී ද පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකය පැය 24 ක් පුරාවටම ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 
 
මැතිවරණ දුෂණ, අක්‍රමිකතා හෝ  මැතිවරණය සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් එම පැමිණිලි ඒකකය වෙත යොමු කළ හැකිය.
 
එසේ යොමුකරනු ලබන පැමිණිලි පළපුරුදු  නීතිඥ මඩුල්ල වෙත යොමු කරන අතර ඔවුන් විසින් එම පැමිණිලි සම්බන්ධයෙන්  කඩිනමින් අදාළ ආයතන වෙත  යොමු කර  ඒ සඳහා  අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත. එසේම එම පැමිණිලි  සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය ද ආරක්ෂා කිරීම සිදුවන බව ද හෙට්ටිආරච්චි මහතා පැවසීය. 
 
මේ අනුව බස්නාහිර 070-4701141, මධ්‍යම 070-4701142, වයඹ 070-4701143, සබරගමුව 070- 4701144, උතුරු මැද 070-4701145, දකුණ 070-4701146, ඌව 070-4701147, උතුර හා  නැගෙනහිර 070-4701148 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය. 
 
එසේම පොදු  දුරකථන 011-2558570/ 71/ 74ටත්, ෆැක්ස් 011-2558572, Email - [email protected], Whats app/ Viber 070-4701155 අංකවලටත් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

නව අදහස දක්වන්න