ඡන්දය පැවැත්වීම සාමකාමීයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක | දිනමිණ

ඡන්දය පැවැත්වීම සාමකාමීයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද(16) පස්වරු 5.00න් අවසන් වූ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකම සාමකාමී තත්වයක් පැවති බවත්, බරපතල ගැටුම් කිසිවක් මෙම කාලසීමාව තුළ වාර්තා නොවූ බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
අද ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කරන විට ඡන්ද මධ්‍යස්ථාන සඳහා 25,700කට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් රාජකාරියේ යොදා සිටි බව ඔහු කියා සිටියේය.
 
රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින්ය.
 
මේ කාලසීමාව තුළ තුන් දහසකට ආසන්න ජංගම මුර සංචාර සහ පොලිස් මාර්ග පරීක්‍ෂාවන් ද රට පුරා ක්‍රියාත්මක කර තිබේ. 

නව අදහස දක්වන්න