නිදහස් හා සාධාරණ මැතිවරණයක් | දිනමිණ

නිදහස් හා සාධාරණ මැතිවරණයක්

අගමැති රනිල්

ජනාධිපතිවරණය මෙවර ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්,ඡන්දදායකයන්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බැලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණව කටයුතු කිරීමට හැකි පරිසරය අප නිර්මාණය කළ නිසා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්, ඡන්දදායකයන්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවිය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප ඇති කළ මේ ගෞරවනීය ක්‍රමවේදය තවදුරටත් ආරක්ෂා වනු දැකීම අපගේ බලාපොරොත්තුව වන අතර, එවැනි පරිසරයක 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලූ ඡන්දදායකයන්ට එක්සත් ජාතික පක්ෂාය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහ මගේ ස්තූතිය පළ කර සිටිමි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එය අවසන් වනතුරු කැපවීමෙන් ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් ඇතුළු එම කාර්ය මණ්ඩලය ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්ටත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලූ පාර්ශ්වයන්ටත්, සාමය ආරක්ෂා කිරීමට සහාය වූ සියලූම ජනතාවටත්, මගේ කෘතඥතාව පළ කිරීම ද මෙය අවස්ථාවක් කර ගනිමි.

නව අදහස දක්වන්න