ඩෙල් Save the Waves උස්වැ­ට­කෙ­යි­යාව වෙරළ පිරි­සිදු කරයි | දිනමිණ

ඩෙල් Save the Waves උස්වැ­ට­කෙ­යි­යාව වෙරළ පිරි­සිදු කරයි

ඩෙල් ටෙක්නොලොජිස්‌ විසින් සංවිධාන කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයන් 70කගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය දා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ Road to Rights පදනම සිය දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා දැනුම ලබා දෙමින් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද ඊට සහාය විණි. වෙරළ තීරය ආශ්‍රිතව කිලෝ ග්රෑම් 196 කට වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරගැනීමෙන් පසුව ඒවා ලොරි රථවල පටවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවනු ලැබිණි.

ඔක්තෝබර් මාසයේ සෙනසුරාදා දින හතරකදී දියත් කෙරුණු මේ ව්‍යාපෘතිය මගින් ගාල්ල, ත්‍රිකුණාමලය සහ කළුතර යන වෙරළ තීරයන්ද, අවසන් වශයෙන් උස්වැටකෙයියාව වෙරළද තීරයද පිරිසිදු කෙරිණි. මේ වෙරළ පිරිසිදු කිරීමේ සමස්ත සත්කාර්යය තුළින් ටොන් 1 කට අධික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක් රැස් කර ගත හැකි විණි.

 

නව අදහස දක්වන්න