හිටපු අගමැති නවාස් ෂරීෆ් වෛද්‍ය ප්‍රතිකාරවලට ලන්ඩනයට | දිනමිණ

හිටපු අගමැති නවාස් ෂරීෆ් වෛද්‍ය ප්‍රතිකාරවලට ලන්ඩනයට

දූෂණ, වංචා හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ලන්ඩනය බලා ගොස් තිබේ. තෙවරක් එරට අගමැති ධුරය හෙබ වූ ඔහු මේ වන විට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධයක් ඇතුළු තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. ඊට ප්‍රතිකාර ලබාගැනීමට හිටපු අගමැතිවරයාට එතෙක් තහනම් කර තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට ලාහෝර් අධිකරණය කටයුතු කළේය. ඉම්රාන් ඛාන්ගේ රජය ඔහු නිදහස් කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. සාමාන්‍යයෙන් හත් වසරක සිර දඬුවමෙන් මෙතෙක් මාස 12ක් පමණක් ගෙවා ඇති දේශපාලනඥයාට විදේශගත වීමට පෙර ඩොලර් මිලියන 44 ක් වටිනා වන්දි බැඳුම්කරයක් අත්සන් කිරීමට සිදු වේ. කෙසේ වෙතත් නවාස් ෂරීෆ්ට ඊට අත්සන් නොකර විදෙස් ගත වීමට අධිකරණය විසින් අවස්ථාව ලබා දී ඇත.

නව අදහස දක්වන්න