එජාපය තුනට කැඩේ | දිනමිණ

එජාපය තුනට කැඩේ

එක්සත් ජාතික පක්ෂය මේ වන විට කණ්ඩායම් තුනකට වෙන් වී යෑමේ අවදානමකට ලක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී කණ්ඩායමක් තව දුරටත් සහයෝගය දක්වමින් ඔහුට පක්ෂ නායකත්වයේ සිටින ලෙස බලකරමින් සිටින බව කියයි. සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔහු පක්ෂයේ නායකයා ලෙසත් විපක්ෂ නායකයා ලෙසත් පත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ දිගින් දිගටම ගැටුම් ඇති කැර ගනිමින් කටයුතු කරන බව සඳහන් වේ.

කතානායක කරූ ජයසූරිය මහතාව පක්ෂයේ නායකයා මෙන්ම ඉදිරියේ දී පක්ෂය නගා සිටුවීමට විකල්ප කණ්ඩායමක් යෝජනා කරන තවත් පිරිසක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මෙම බිද වැටීම ආරම්භ වී ඇතැයි පැවසේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනාධිපතිවරණයේ දී දැවැන්ත පරාජයකට පත්වීමත් සමඟ එය නියෝජනය කළ පක්ෂ නායකයින් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතා වෙන් වෙන්ව විවේචනය කරමින් සිටින බව වාර්තා වෙයි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න