කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි | දිනමිණ


 

කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට නොබෝ වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

උදෑසන 09 යි 40 ට පමණ කොමිසම වෙත පැමිණි කාදිනල් හිමිපාණන් පැය 04 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදුන්නේය.

අගරදගුරු හිමියන් අද මෙලෙස අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ දෙවන දිනටයි.

ඊයේ (06) දිනයේද පැය 04 ක පමණ කාලයක් අගරදගුරු හිමියන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

 

නව අදහස දක්වන්න