ඔරුවක් පෙරලි අයෙක් මරුට : 02ක් අතුරුදහන් | දිනමිණ


 

ඔරුවක් පෙරලි අයෙක් මරුට : 02ක් අතුරුදහන්

කින්නියා මුහුදට ආසන්න උප්පාරු ප්‍රදේශයේ දී ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇත. 

අද උදෑසන පුද්ගලයින් පස් දෙනෙකු රැගත් ඔරුවක් මහවැලි ගඟ හරහා ඔරුවකින් එගොඩ වීමට උත්සහ කිරීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.  

අනතුරට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා කින්නියා රෝහලට ඇතුළත් කර ඇත. 

සිද්ධිය වන අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති අතර ඔවුන් ගෙන් දෙදෙනෙකු ගොඩට පිහිනා දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.

අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ සැඩ පහර ඉතා වේගවත් වී ඇති අතර අතුරුදහන්වූ පුද්ගලයින් දෙදෙනා සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇත.

 

නව අදහස දක්වන්න