ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කෙරේ | දිනමිණ

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කෙරේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි දැනුම් දෙන්නේ, ජලාශය පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ, පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

මේ අතර සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ අද පස්වරු 02 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නව අදහස දක්වන්න