මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය ගැන විශේෂ අධීක්ෂණයක් | දිනමිණ


 

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය ගැන විශේෂ අධීක්ෂණයක්

ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 

එම කාල සීමාව තුළ දිවයින පුරා සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඒ අනුව අදාළ වැටලීම් උඳුවප් පොහොය දිනයේ සිට ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි මස 05 වනද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

එම  වැටලීම් සිදුකිරීම පිළිබඳ සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. 

ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු දිවයින පුරා අනුයුක්ත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ වගකීම දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන් සහ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට පවරා දී ඇති බව සඳහන්. 

මෙම විශේෂ මෙහෙයුම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර සුරාබදු අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු 1913 දුරකථන අංකයවෙත යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න