රන්ජන් 29 තෙක් රිමාන්ඩ් | දිනමිණ

රන්ජන් 29 තෙක් රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

ආන්දෝලනාත්මක හඬ පට සිද්ධිය ​සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ 14 අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඊයේ (15) නියෝග කෙළේය.  මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රිවරයා මහේස්ත්‍රා්වරයාගේ නිල නිවසට ඊයේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වේ.

සැකකරු සම්බන්ධයෙන් විත්තියේ නිතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරයා ඇප ප්‍රතික්ෂේප කරමින් සැකකාර මන්ත්‍රිවරයා රක්ෂිත භාර ගත කිරිමට නියෝග කළ අතර රජයේ රස පරීක්ෂක වරයා වෙත ලබන 23 වනදා පෙරවරු 10ට කටහඩ පරීක්ෂණය සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙළේය.

වසර පහකට ලැබුණු ජනතා බලය උපයෝගී කරගනිමින් සැකකාර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සමස්ත රාජ්‍ය පද්ධතියම අරාජික කිරීමකට ලක් කර ඇති බවත් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියම අපගමනය වී ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණූ දක්වමින් කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවරුන් තුන්දෙනෙකු,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රබල නිලධාරියකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ගේ හඩ පට ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඇති බවත් කිසියම් රාජ්‍ය නිලධාරියකු මෙම හඩපට සිද්ධියට සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඉදිරියේදී නීතීමය පියවර ගන්නා බවද දිලිප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙහිදි කියා සිටියේය.

විනිසුරුවරුන් මෙයට සම්බන්ධ වී ඇති බවට සමාජයේ කතාබහට ලක්ව ඇති බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉන් අධිකරණයේ පූජනියත්වය කෙලෙසි ඇති බවද අධිකරණයට දන්වා සිටියේය.

මේ සිද්ධියට අදාළ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වූ හඩ පට වලට අදාළ මාධ්‍ය ආයතන 4 ප්‍රධානීන්ගේ ප්‍රකාර සටහන් කරගෙන ඇති බවත් සාධාරණ සැකයකින් ඔබ්බට කරුණු අනාවරණය වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු අත්අඩංගුවට ගත්තේ පැමිණිල්ල සෑහිමකට පත් වීමෙන් අනතුරුව බවත් දිලීප පීරීස් මහතා මෙහිදි කියා සිටියේය.

එස මාධය ආයතන ප්‍රධානින්ගේන් හඩපට වලට අදාළ සාක්කි මෙහෙයවමින් පැමිණීල්ල සෑහීමකට පත් වීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රිවරයා ඊයේ රාත්‍රි 6.15ට පමණ සැකකාර මන්ත්‍රිවරයා ඔහුගේ මාදිවෙල නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුට එරෙහි අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් තිබියදී පවා ඔහු අධිකරණය සහ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට උපහාසයට පත් කරමින් ඔහුගේ නිවෙස තුළදී සුවඳ විලවුන් දල්වමින් ව්‍යායාම සිදු කරමින් සිටිමින් මුහුණූ පොතට වීඩියෝවක් දමා ඇති බවත් දිලීප පීරිස් මහතා කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බව කියා සිටි දලීප පීරිස් මහතා ඒ සදහා නීතීපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය අඩපන කිරිමට එහුට ලැබුණූ ජනතා බලය සැකකාර මන්ත්‍රීවරයා යොදාගෙන තිබෙනවා.

මෙහිදි දීර්ඝ වශයෙන් කරුණූ දැක්වූ දිලීප පීරිස් මහතා මෙසේද කියා සිටියේය.

ලැබුණූ ජනතා වරම මෙම මන්ත්‍රීවරයාට ලැබි තිබෙන්නේ සීමිත කාලයකටි.එය යොදාගෙන මොහු නිතිය අතට ගෙන කටයුතු කර තිබෙනවා.රාකාරියට ඔහුගේ නිවසට ගිය පොලිස් නිලධාරියකු ඔහු සිපගන්නවා.රගපෑම් එලියේදී කළ හැකියි.අධීකරණ ක්‍රියාවලියේදී රගපෑම් කිරිමට ඉඩ දෙන්නට බැහැ.මොහුගේ ක්‍රියාකලාපය තුළීන් අධිකරණය සම්බන්දයෙන් මහජන විශ්වාසය බිඳවැටි තිබෙනවා.මෙම හඩපට වලට අදාළ විනිසරුවරුන්ගේ ප්‍රකාශ ඉදිරියේදී සටහන් කරගන්නවා.ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නවා.හඩ පට සියලල් නිසි පරීක්ෂාවට ලක් කළ යුතු වනවා.සැකකරු සමග රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ට එරෙහි නිසි පියවර ගන්නවා.මොහුට ඇප ලබා දුන්හෙිත් ප්‍රබල මහජන කැළඹීක් සිු විය හැකියි එම හේවන් ඇප දීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සැකකාර මන්ත්‍රිවරයා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම හඩ පට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසත් මන්ත්‍රීවරයා හඩ පට පරීක්ෂාවට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

විත්තිය වෙනුවෙන් කරුණූ දැක්වූ ජ්‍යේෂ්ඨ නීතීඥ වසන්ත රණසිංහ මහතා ඇතුලු නීතීඥ මඩුල්ල

මගේ නිවසට කිසිවකු පැමිණීයාම මම ඇදුම් ඇදගෙන තමයි පිටතට පැමිනෙන්නේ.මේ සිද්ධියට සම්බන්ධ බව කියන විනිසරුවරුව් අවංක අය නම් මේ මීට පෙර පැමිණීලි කරන්න තිබුණා.එසේ පැමිණීලක් ඉදිරිපත් වී නැහැ.අධීකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා.මේවා වසන් කරගෙන ඉන්නකම් හොඳයි.ඒවා එළියට එනකොට ප්‍රශ්න බව කියනවා.අධිකරණයේ ස්වාධීනත්වට හානි කර තිබෙන්නේ මොහු නෙවයි ඔහු සමග කතා කළ බව කියන විනිසරුවරුන්.දුමින්ද සිල්වා මහතාගේ නඩුවට බලපෑම් කළ බව කිව්වා.එම නඩුවට බලපෑම් කළා නම් ඉහළ අධීකරණයේ තීන්නුදුව ලබා දුන් විනිසරුවරුන් 5 දෙනාටත් බලපෑම් කළ බවට ඔප්පු කළ යුතුයි.ඒ අය නීන්දුව ඒකමතිව ලබා දී තිබෙනවා.මුදල් ලිංගික අල්ලස් වැනි දේ දුන් බව කියනවා.ඒත් තව වෙනකම් ඒ කසිවක් ඔප්පු වී නැහැ.ඒ තියා කටහඩ ඔහුගේද කියාවත් තවම අනාවරනය වී නැහැ. ඒ තත්ත්වයක් යටතේ කොහොමද ඔහු අත්අඩංගුවට ගන්නේ හෙට අනිද්දා තවත් සීඩී පිටවෙයි කියා බියටයි ඔහු රක්ෂීත බන්ධනාගාර ගත කරන්න කියන්නේ.මේ දේශපාලන දඩයමක්.මේ නිසා සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා රන්ජන් රාමනායක මහතාගේ ඇප ප්‍රතික්ෂේප කරමින් රක්ෂිතභාර ගත කරන ලෙස නියෝග කෙළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොලඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා,පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු පැමිණිල්ල මෙහෙයවන නිලධාරි පොලිස් පරීක්ෂක රත්නායක යන මහත්වරුන් ඇතුලු නිලධාරින් කරුණු ඉදිරිපත් කළ අතර අධීකරණ ස්ථානාධිපති පොලිස් පරීක්සක ජයන්ත ලාල් මහතා ඇතුලු නිලධාරින් එක්ව සිටියහ. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත රණසිංහ ආශා කහවත්ත උදුලු ප්‍රේමරත්න ඇතුලු නීතීඥ මඩුල්ලක් එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න