සාරුව ලියනගේ සුනිල් වසර 15 ක් සිපිරි ගෙට | දිනමිණ

සාරුව ලියනගේ සුනිල් වසර 15 ක් සිපිරි ගෙට

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ අද බරපතල වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් නියම කළේය.

ඒ, තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි බාලසයස්කාර පාසැල් දැරිවියක් බලහත්කාරයෙන් තමන්ට අයත් හෝටලයකට ගෙන ගොස් දුෂණය කිරිමේ චෝදනාවට වරදකරු කරමිනි.

සිර දඬුවමට අමතරව දුෂණයට ලක්වූ දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දඩයක් ලෙස අය කර ගැනීමටත් එම දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත අමතර සිරදඬුවම් ලබා දීමට නියෝග කළේය.

විත්තිකරුට ලබාදී ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුගේ එම ක්‍රියාව මගින් මහජන නියෝජිතයින් කෙරෙහි ජනතා විශ්වාසයට ඉතා බරපලතල හානියක් සිදුවී ඇති බව ත් එබැවින් විත්තිකරු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරිමට ඇති හැකියාව තම අධිකරණයට නැති බවත් පෙන්වා දුන්නේය.

 

නව අදහස දක්වන්න