දෝනිව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවතට | දිනමිණ


 

දෝනිව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවතට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිංදෝනි එරට ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ. ඉන්දීය ක්‍රිකට් ආයතනය ‘ඒ‘ ශ්‍රේණියේ ක්‍රීඩකයින්ගේ නාම ලේඛනය ඊයේ නිවේදනය කළේය.
 
ඉන්දියාවේ මෑත කාලයේ බිහිවූ දක්‍ෂතම පිතිකරුවෙකු මෙන්ම සාර්ථකම නායකයෙකු වූ දෝනි, ඉකුත් වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය කන්ඩායමට නම් කර තිබුනේ නැත. මේ දක්වා ‘ඒ‘ ශ්‍රේණියේ  ක්‍රීඩකයෙකු ලෙස වාර්ෂික ක්‍රීඩා කොන්ත්‍රාත්තුවට ඇතුලත්ව සිටි දෝනි විස්සයි විස්ස කණ්ඩායමට යළි කැදවීමට අවධානය යොමු කරන බව ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවිශාස්ත්‍රි ප්‍රකාශ කර ඇත.
 
කෙසේ නමුත් මහේන්ද්‍ර සිංදෝනි ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමු ගනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.
 

නව අදහස දක්වන්න