නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරේ - ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5ක් නිදහස් | දිනමිණ


 

නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරේ - ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5ක් නිදහස්

ඇවන්ගාඩ් සිද්ධිය මත බන්ධනාගාර ගතව සිටි එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇප මත මුදා හැර තිබේ.
 
ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර සිටියේ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වු ශරිර ඇප දෙකක් මත ඇප නියම කළ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරිමට නියෝග කළේය.
 
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් චෝදනා 7573ක් යටතේ නඩු පවරා තිබුනි.
 
නඩුව අද(17) දින කැදවු අවස්ථාවේදි ත්‍රිපුද්ගල මහාධිකරණය සදහන් කලේ නිතිපතිවරයා ගොනු කරන ලද චෝදනා 7573 න් නඩුව පවත්වා ගෙන යා හැක්කේ චෝදනා 19ක් යටතේ පමණක් බවයි.
 
එමෙන්ම මෙම නඩුවට අදාලව චෝදනා ලක්ව සිටින විත්තිකරුවන් 13 දෙනා ගෙන් විත්තිකරුවන් පස් දෙනෙකු මුදා හැරිමට ත්‍රිපුද්ගල අධිකරණය නියෝග කරනු ලැබීය.
 
ඒ අනුව ඇවන්ගාඩ් සමාගම, රක්නා ලංකා සමාගම, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බි.ඒ. එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයසුරිය මෙම නඩුවෙන් නිදහස් කිරිමට නියෝග කරනු ලැබීය.
 

නව අදහස දක්වන්න