රටවල් 15ක් එක් වූ සරුංගල් සැණකෙළිය | දිනමිණ


 

රටවල් 15ක් එක් වූ සරුංගල් සැණකෙළිය

දින තුනක් පුරා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති සරුංගල් සැණකෙළිය පසුගියදා (15) නිමාවට පත්විය. මේ සැණකෙළියට ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, යුක්‍රේනය, තුර්කිය ඇතුළු රටවල් 15ක් එක්ව සිටි බව වාර්තා වේ. ඊට ඉන්දීය සරුංගල් 55ක් සහ විදෙස් රටවලින් සරුංගල් 50ක් එක් කර තිබුණි. විවිධ හැඩයන්ගේ සහ පැහැයන්ගේ සරුංගල් හයිද්‍රාබාද් ගුවන අලංකාර කළ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හින්දු ජනතාවගේ මකර සංක්‍රාන්ති උත්සවයට සමගාමිව පැවැති මේ සරුංගල් සැණකෙළිය නැරඹීමට විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් එක්වූහ.

 

නව අදහස දක්වන්න