‘කීර්ති‘ දොරට වැඩුම 26 දා | දිනමිණ

‘කීර්ති‘ දොරට වැඩුම 26 දා

ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ ජීවිත කතාව කෘතියක් ලෙසින් එළිදක්වන්නට කටයුතු යොදා ඇත.

කීර්ති - සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව නමින් නම් කර ඇති මෙම කෘතියේ රචකයා නාට්‍යකරුවකු මෙන්ම ජනප්‍රිය නවකතා කරුවකු වූ උපාලි කුමාරවංශ ය.

කීර්තිගේ ජනප්‍රිය ගීත 30ක පද මාලාවන් හා ස්වර රටා ද මේ කෘතියට ඇතුළත් කර ඇති අතර, එම ගීත 30 මුල් පටිගත කිරීම් ඒ අයුරින්ම ඇතුළත් කළ එම්.පී.3 ගී තැටියක් කෘතිය සමඟ නොමිලේ ලබා දීමට ද කටයුතු කර ඇත.

කීර්ති පැස්කුවල් කලාකරුවාගේ සොඳුරු අවස්ථා සනිටුහන් කරමින් කීර්ති කෘතිය හා මනමාල හැන්දෑව ඩී.වී.ඩී තැටිය එළැබෙන ජනවාරි මස 26 වන දින සවස 3 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී එළිදැක්වීමට කටයුතු කර ඇත.

කීර්තිගේ උපන් දිනයද යෙදෙන ජනවාරි 29 වන දින උදෑසන 9.30 ට මහරගම අපේක්ෂා රෝහලේ දී විශේෂ කටයුත්තක් සිදු කිරීමටද ඔහු සුදානමින් සිටී.

ප්‍රාර්ථනා අරමුදලට මහජනයා පරිත්‍යාග කළ ලක්ෂ 75ක මුදල එදින දී අපේක්ෂා රෝහලේ බලධාරින් වෙත බාරදීම සිදු වේ.

අපේක්ෂා රෝහලේ නේවාසිකව වෙසෙන රෝගීන්ගේ මානසික සුවය සඳහා ඔවුන් සමඟ සංගීතමය හෝරා කිහිපයක් ගත කිරීමටත්, ඔවුනට ගීත ගැයීමේ අවස්ථාව සලසා දීමටත් සැලසුම් කර ඇත.

නව අදහස දක්වන්න