භූතාන් පාරෝ පාපන්දු සාමාජිකයින් ශ්‍රී ලංකාවට | දිනමිණ

භූතාන් පාරෝ පාපන්දු සාමාජිකයින් ශ්‍රී ලංකාවට

භූතාන් පාරෝ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් විසිදෙනෙක් ඇතුළු නිලධාරීන් 05ක් හා එම ක්‍රීඩා සමාජයේ කළමණාකරන සාමාජිකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණේ.
 
ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම සමඟ ආසියානු පාපන්දු කුසලානය යටතේ මූලික පාපන්දු තරගයකට සහභාගී වීම සදහා ඊයේ(19) එම කණ්ඩායම දිවයිනට මෙලෙස පැමිණ තිබේ.  
 
 භූතාන් පාරෝ පාපන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම සමඟ ආසියානු පාපන්දු කුසලාන මූලික වටයේ තරගයක් ලබන 22වනදා රාත්‍රී 07.00ට කොළඹ තුරග තරග පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත. 
 

නව අදහස දක්වන්න