යාපනය සරසවියේ වෛද්‍ය සිසුවියක් ඝාතනය කරයි | දිනමිණ


 

යාපනය සරසවියේ වෛද්‍ය සිසුවියක් ඝාතනය කරයි

යාපනයේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ මළසිරුරක් අද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සිද්ධිය දුටුවෝ පොලීසියට පවසා ඇත්තේ, මියගිය ශිෂ්‍යාව තවත් තරුණයෙකු සමග එම ස්ථානයේ සිටි බව දුටු බවයි.

මියගිය ශිෂ්‍යාවගේ බවට සැකකෙරෙන කුඩයක් හා සෙරෙප්පු දෙකක් මළ සිරුර අසල තිබී හමු වී ඇත.

ඇගේ පෙම්වතා බවට සැකකරණ ආරක්ෂක අංශ සාමාජිකයෙකු කිළිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේ කදවුරකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය සිසුවියගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබදව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ)

නව අදහස දක්වන්න