දිනමිණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සම්මාන | දිනමිණ


 

දිනමිණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සම්මාන

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් පවත්වනු ලැබූ අන්තර් පාසල් මාධ්‍ය තරගාවලියේ දී ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඥානදාස රන්මුතු, අනුරාධ ප්‍රියදර්ශන සහ ධර්මදාස සිරිවර්ධන මහත්වරුන්ගේ මාධ්‍ය මෙහෙවර ඇගැයුමට ලක්කොට සම්මාන පිරිනැමිණි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයේ දී අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් මාධ්‍යවේදීන් සම්මාන ලබාගත් අයුරුයි මේ. ධර්මාශෝක විදුහල්පති හසිත කේසර වෙත්තමුනි මහතා ද මෙහි සිටියි.

ඡායාරූප - කරන්දෙනිය සමූහ,

අම්බලන්ගොඩ සමූහ සහ

ගාල්ල දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න