මගීන් 83ක් රැගත් ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේ දී කඩා වැටෙයි | දිනමිණ


 

මගීන් 83ක් රැගත් ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේ දී කඩා වැටෙයි

මගීන් 83දෙනකු රැගත් ගුවන් යානයක් නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ තාලේබාන් පාලන ප්‍රදේශයක දී අනතුරට පත් වී තිබේ. වාර්තා වන අන්දමට ඝාස්නි දිස්ත්‍රික්කයේ දෙහ් යක් ප්‍රෙදේශයට ( Deh Yak) මෙම යානය කඩා වැටී ඇත.

කඩා වැටුණු බෝයිං 737- 400 යානය ගිනි ගත් බව මේ පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එරට මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය. අනතුරට පත් යානය අරියානා ගුවන් සමාගමට අයත් එකක් බවට මුලින් පැවසුව ද මේ වන විට එම සමාගම එය ප්‍රතික්ෂේප කර ඇත. එහි ගමන් ගත් මගීන් පිළිබඳ හෝ එම යානය පිටත් වූ හා ගමන් කරමින් සිටියේ කිනම් ප්‍රදේශයකට ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය නොවේ.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න