කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට විශේෂ උපදෙස් මාලාවක් | දිනමිණ

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට විශේෂ උපදෙස් මාලාවක්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් සහිත චක්‍ර ලේඛණයක් නිකුත් කර ඇත වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විශේෂ උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ගුවන් තොටුපළට අනුයුක්ත කර ඇති විශේෂ වෛද්‍ය කණ්ඩායම, සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩලය මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති බවයි.

ඊට අමතරව ‍මෙම වෛරසය පැතිර යාම අවම කිරීම වෙනුවෙන් පිටු 4 කින් සමන්විත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියලු දෙනාගේ තොරතුරු සහිත පත්‍රිකාවක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

එමගින් සංචාරකයින් මෙරට රැඳී සිටින කාල සීමාව, ඔවුන් ගමන් කිරීමට අපේක්ෂිත ප්‍රදේශ සහ රැඳී සිටින හෝටල් සම්බන්ධයෙන් තොරතුරු ලබාගන්නා බවයි.

එම තොරතුරු පදනම් කර ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් පුළුල් අවධානය යොමුකරන බව ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනුයුක්ත කර තිබේ.

නව අදහස දක්වන්න