මහාචාර්ය දිනේෂ් කේ. ගුණසේකර
රන්ජන් රාමනායකගේ හඬපට පසුබිමේ තියෙන න්‍යාය පත්‍රය කුමක්ද අපි ජාතියක් ලෙස දැඩි අවධානයෙන් සැළකිල්ලට ගත යුතු බවත් මේ කොන්ත්‍රාත්තුව කාගේද යන්න රටක් ලෙස හෙළිදරව් කරගත යුතු බව මහාචාර්ය දිනේෂ් කේ. ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (24) කොළඹ 06, ජානකී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.මම නීතිය හා ජාත්‍යන්තර නීතිය, අධිකරණ කටයුතු පිළිබඳ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක්. යුරෝපා සංගමයේ ජිනිවාවල සිටි මානව හිමිකම් පිළිබඳ විනිසුරු කවුන්සිලර් කෙනෙක්.
මේ දිනවල සිදුවන කරුණු කිහිපයක් තියෙනවා එතරම් රටට හොඳමදි ක්‍රියාවන් එකක් රන්ජන් රාමනායකගේ හඬපට. මම ලැජ්ජා වෙනවා මටත් මේවා කතා කිරීමට සිදුවීම ගැන. මෙහිදි තව මාස දෙකකින් ජිනිවා හි මානව හිමිකම් කවුන්සිලය රැස්වෙනවා. මෙහිදි ශ්‍රී ලංකාවට එරෙහිව තිබෙන කරුණු සම්බන්ධයෙන් ඊළඟ පියවර ගැන මෙහිදි සාකච්ඡා වෙනවා. ඊට මාස කිහිපයක් තියලා රන්ජන්ගේ හඬපට කිහිපයක් ඇවිල්ලා අපේ අධිකරණයේ මූලික පැවැත්ම හෙල්ලන විදියට තර්ජනයක් වෙලා තියෙනවා. ජනාධිපතිවරයෙක් පත්වෙලා සිටිනවා තවම දින සීයවත් ගත කරලා නැහැ. එතුමාගේ යම් යම් ආයතනවලට ප්‍රහාරයන් එල්ලවෙන ආකාරයට කටයුතු කෙරෙනවා. අපේ ව්‍යවස්ථාදායකය එනම් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්වෙන විදියට ඊට පත්වෙලා සිටින මිනිස්සු මේ ආකාරයේ ජරාජීර්ණවු අයද කියන තරමට රන්ජන් රාමනායක මන්ත්‍රී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය කටයුතු කර තියෙනවා. ඒ අය වරප්‍රසාද මතු කරලා කරන ප්‍රකාශ මින් කුමක්ද මෙරට පාර්ලිමේන්තුව ගැන ලෝකයා ඉදිරියට යන මතය කුමක්ද.
ඊට පසු බලමු පොලිස් , නීතිපති දෙපාර්තමේන්තු ගැන මොකද වෙන්නේ. මේ සිදුවු කරුණුත් සමඟ අපි මතයක් හදලා තියෙනවා ශ්‍රී ලංකාවට තම කටයුතු පාලනය කරගෙන යන්න බැහැ කියලා. සම්පූර්ණ විකෘතිවු කකුල් පණ නැතිවු කිසිම දෙයක් නැති රටක් ජාතියක් යන චිත්‍රය ඇති කරමින් තිබෙනවා. මේ කුමන්ත්‍රණය සාර්ථකව කරගෙන යනවා. අපිට මානව හිමිකම් හා ජිනීවා සම්බාධක දැන් මතක නැහැ. මින් එළියට එන්නේ ජාත්‍යන්තර විනිසුරුවන් අපට අවශ්‍යයි අධිකරණය ස්වාධින නැහැ. ඊට පිටතින් පරීක්ෂකවරු එන්න ඕනේ අපේ පොලිසිට පරීක්ෂණ ටික කරගන්න කොන්ද පණ නැහැ. මේවා මෙහෙයවන්න නීතිපති දෙපාර්තමේන්තුවකුත් පිටරටින් ගේන්න ඕනේ. අපි රටක් ලෙස නෛතිකව හා සම්මුතිකව බැඳි සිටිනවා ලෝකයේ අනෙක් රටවල් සමඟ කටයුතු කරන්න. එය තමයි ජාත්‍යන්තර නීතිය කියන්නේ.
ඊට පසු කාරණාව තමයි දුමින්ද සිල්වා මහතාගේ නඩුව මේ පුද්ගලයාගේ කවුරුත් මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකික පුරවැසියෙක් ලෙස ඒ මනුස්සයාට යම් කිසි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා බැලු බැල්මට පේනවා. ඊට හේතුවක් තියෙනවා එම නඩු කටයුත්තේ සිටින මහාධිකරණ විනිසුරුවරියක් තව අයෙක් සමඟ කතා කරනවා අනෙක් විනිසුරුවරුන් දෙදෙනා නිසා මේක හසුරුවා ගන්න බැහැ කියලා. ඒකට මොනවා හරි කරමු රන්ජන් කියලා කියනවා. මෙහිදී සභාපති විනිසුරු වෙනම මතයකයි සිටින්නේ. රන්ජන් රාමනායක හා හිරුණිකා යන අය හා තවත් කිහිප දෙනකු එක්ව රඟදක්වන කොන්ත්‍රාත්තුව කාගෙද අපේ රටේ එකක්ද පිටරට එකක්ද සොයාගත යුතුයි. මේ අය මීට වසර පහකට කලිනුත් මේ නාට්‍ය ගෙනත් රඟ දැක්වූවා. ගෝඨාභය ජනාධිපති හා සජිත් අගමැති කියන සුසංයෝගයකුත් හදා ගෙන තියෙනවා. මේ අයගේ එකම දේ රට විනාශ කිරීමයි. 2015 සිට වසර පහක් ඒ දේ සිදුකළා. මෙවැනි අය පාර්ලිමේන්තු යවන්න එපා කියා ජනතාවගෙන් ඉල්ලනවා.
නව අදහස දක්වන්න