රන්ජන් ගිහාන්ට පැවසූ බව දිලීප අධිකරණයට කියයි
රන්ජන් මාධ්‍ය සන්දර්ශන දානවා
සැකකරු 26තෙක් යළි රිමාන්ඩ්
‘මම වැඳලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න‘යනුවෙන් මහාධිකරණ විනිසුරු පිලපිටිය මහතාට දුරකථනයෙන් රංජන් රාමනායක මහතා ඉල්ලා ඇති බව රජයේ රස පරීක්ෂකවරයා විසින් එවන ලද සන්දේශයක් සහ සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දිලීප පිරිස් මහතා අධිකරණයට ඊයේ (12) දැනුම් දුන්නේය.
රන්ජන් රාමනායක මහතා සැකකරුවකූ ලෙස සිටිමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා. ඔහු මන්ත්‍රිවරයෙක් වුනත් මේ වනවිට සැකකරුවෙක්. බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ මාධ්‍ය දුටු පමණින් බස් රථයෙන් ඔලුව පිටතට දමමින් අදහස් පළ කරනවා. මේ වරප්‍රසාද කාටද තිබෙන්නේ. හෙට වනවිට පාතාල නායක මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් පවා මෙහෙම අදහස් පළ කරාවී. යැයිද දීලිප පිරීස් මහතා ඇප ලබාදීමට විරෝධය පළ කරමින් අධිකරණය කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා සැකකාර මන්ත්‍රීවරයා ලබන පෙබරවාරි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා ඊයේ 12 නියෝග කළේය.
දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් සැකකාර මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත් වරයා සැකකාර මන්ත්‍රීවරයා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
සිද්ධියට අදාළව දුරකථන සමාගම්වලින් ලබාගත් තොරතුරු ඔස්සේ දුරකතන හඩ පටවලට අදාළව ඒවා අවස්ථානුකූලව ගලපමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සැකකරුට ඇප ලබාදුනහොත් සාක්ෂිවලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවත් අධිකරණයට දැනුම් දුන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සැකකරුට ඇප ලබා දීමට විරෝධය ප්‍රකාශ කරන බව අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් එවන ලද සන්දේශයක් සහ සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දිලීප පිරිස් මහතා මෙම කරුණු අධිකරණය හමුවේ කියා සිටියේය.
කටහඩ පරීක්ෂාව සිදු කිරීම ඉකුත් පෙබරවාරි මස 7 වනදා රජයේ රස පරීක්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කළා. දුරකතන සමාගම්වලින් ලද තොරතුරුවලට අනුව විමර්ශන සිදු කරමින් පවතිනවා. මෙම සිද්ධියට සම්බන්ධ විනිසුරුවරුන් තිදෙනා වන විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරියක වන පද්මිණී රණවක, වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන් සහ සැකකාර රන්ජන් රාමනායක මහතා අතර 2015 සිට 2019 දක්වා දුරකතන සංවාද 63 පවත්වා තිබෙනවා. එම දුරකතන පවතින නඩු කෘතව්යයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ‘මම වැඳලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න‘ යනුවෙන් මහාධිකරණ විනිසුරු පිලපිටිය මහතාට දුරකථනයෙන් දැනුම් දුන් අවස්ථාවේ ඊට විනිසුරුවරයා පිළිතුරු දෙන හඩපට මාධ්‍යයන්වල පළ වුණා. දුරකතන සංවාද ආකාර දෙකක් ඔස්සේ විශ්ලේෂණය කරනවා. දුරකතන සමාගම්වලින් ලද තොරතුරු වාර ප්‍රමාණයන් හඩපට සමඟ සංසන්දනාත්මකව සලකා බැලෙනවා. 2008 වසරේ සිට අස්වාභාවික දුරකතන සංවාද පටිගත කරීම් සැකකාර මන්ත්‍රිවරයා සිදු කර තිබෙනවා. සන්නිවේදන ආයතනයක් දුරකථන සමාගමක් වගෙයි දුරකතන පටාගත කිරීම් ඔහු කර තිබෙන්නේ. ක්ලෝන කිරීම සිදු කර වාර්තාවක් එවන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට දැනුම් දෙන්න. මැලේෂියාවෙන් හොංකොං රාජ්‍යයෙන් අදාළ දෘඩ තැටි ගෙන්වීමට සිදූ වුණා. මේ හා සැදි නඩුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. ඇමතුම් 10 ක් පමණ වීඩියෝ පටිගත කිරීම් ඇති බවට සැක කරනවා. විනිසුරුවරුන් තිදෙනා සහ හිටපු අල්ලස් කොමසාරිස්වරිය දුරකතන සංවාද සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරනවා. මෙම විනිසරුවරුන් සමග දීර්ඝ සංවාදයන් පවත්වා ඇති බවට විමර්ශන අනාවරණය කර තිබෙනවා. ගිහාන් පිලපිටිය මහතා සමග යෙදී ඇති දුරකතන සංවාද සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ආකාරයෙන්ම අනෙකුත් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද පවතින පර්වේශනීය සාක්ෂි මත විමර්ශන සිදු කරනවා. රන්ජන් රාමනායක මහතා සැකකරුවකූ ලෙස සිටිමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා. ඔහු මන්ත්‍රිවරයෙක් වුනත් මේ වනවිට සැකකරුවෙක්. බන්ධනාගාර නිලධාරින් ඉදිරියේ මාධ්‍ය දුටු පමණින් බස් රථයෙන් ඔලුව පිටතට දමමින් අදහස් පළ කරනවා. මේ වරප්‍රසාද කාටද තිබෙන්නේ. හෙට වනවිට පාතාල නායක මාකදුරේ මතක් කංජිපානි ඉම්රාන් පවා මෙහෙම අදහස් පළ කරාවී. මෙය අතිශය සංකීර්ණ විමර්ශනයක්. දුරකතන සිම්පත් ඉල්ලා සිටිනවා. නව සිම්පත් නිකුත් කළ පමණින් පැරණි සිම්පත අක්‍රිය වෙනවා. සිම්පත පර්වේශනීය සාක්ෂියක්. ඔහු මේ වනවිටත් මුහුණු පොත වූ ටියුබ් එකේ සැරිසරනවා. එහි වීරයෙකු වීමට උත්සාහ ගනිමින් සිටිනවා. මොහුගේ ක්‍රියාකලාපය සාක්ෂිකරුවන් පසුබැස්සවීමට සිදුවෙනවා ඔවුන්ට තර්ජනයක් බලපෑමක් වෙනවා. මේ තත්ත්වය නොදැක්කා සේ සිටීමට බැහැ. ඔහු අපරාධමය වරදක් සිදු කර ඇති අයෙක්. ඔහුට ඇප ලබා දීමෙන් විමර්ශන අඩාළ විය හැකියි.
රන්ජන් රාමනායක මහතා එම හඬ ඔහුගේ නොවන බවට මුල් දිනයේ අධිකරණයට කියා සිටියා.
විමර්ශනයට අදාළ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සාක්ෂිකරුවන්ට හා සාක්ෂිවලට බලපෑම් කිරීමට විත්තිකරු ඇප ලබා දුනහොත් කටයුතු කරාවි. එම නිසා ඇප ලබා දීමට විරෝධය ප්‍රකාශ කරනවා.
විත්තිකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නිතිඥ නෙවිල් අබේරත්න මහතා මෙලෙස අදහස් දැක්විය.
මෙම සිද්ධියට රන්ජන් රාමනායක මහතා වරදකරුවකු වුවහොත් නීතිය ප්‍රකාරව දඩුවම වන්නේ වසරක සිරගත කිරීමක් සහ දඩ මුදලක් නියම කිරීමයි. මේ වනවිටත් ඔහු දඩුවමෙන් දොලහෙන් එකක් දින 30 රක්ෂිත භාරයේ සිටියා. මෙම වරද ඇප ලබා දිය හැකි වරදක්. මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවට ඇප පනත ඉදිරිපත් කළේ ඇප කොන්දේසි ලිහිල් කිරීමටයි. ඕනෑම කොන්දේසියක් මත හෝ සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා-
ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ නීතිමය කරුණු හා හබ කරන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111-1 වගන්තිය අධිකරණය කොයිතරම් උත්තරීතරද පූජනීයද කියා සදහන් වෙනවා. මෙය අධිකරණයේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම පිළිබද ප්‍රශ්නයක්. වරදක් කළ අයකු මන්ත්‍රිවරයකු හෝ වෙනත් අයකු ලවා ආරක්ෂා වීමක් සිදු වන බව සමාජයට යාම සුදුසු නැහැ. නිදහස් අධිකරණයක් තිබිය යුතුයි. එවිටයි අධිකරණයේ ගෞරවය රැකෙන්නේ. ඇප පනතේ බ්ලැන්කට් එකක් දාලා ඕනෑම කෙනෙක් ආවාම ඇප දෙන්න කියා දන්වා නැහැ. සාකිෂිකරුවන්ට සාක්ෂිවලට යුක්තිය ඉෂ්ට වීමේදී බාධා සිදු විය හැකියි.මගේ ලග හඩපට තිබෙනවා. ඒවා එළියට දානවා කියා සාක්ෂි කරුවන්ට බලපෑම් කරාවී. මම ඔහු කළ ප්‍රකාශයක් දුටුවා. මේක ලැජ්ජා සහගත වේදනාත්මක සිදුවීමක්. අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරන්න නිලධාරීන් ලෙස අපි බැඳී සිටිනවා. අධිකරණයේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරන්න බරපතළ ලෙස සිතා කටයුතු කළ යුතුය. සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරයා සැකකාර මන්ත්‍රිවරයා ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න, ජ්‍යෂ්ඨ නීතිඥ වසන්ත රණසිංහ, ආශා කහවත්ත උදුල් ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිතිඥ මඩුල්ලක් අධිකරණයේ පෙනී සිටියහ.
සුභාෂිණී සේනානායක
සුභාෂිණී සේනානායක
නව අදහස දක්වන්න