අජිත් ප්‍රසන්නට ඇප | දිනමිණ


 

අජිත් ප්‍රසන්නට ඇප

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

පැමිණිල්ල අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළහ අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම්ක රමින් ඇප කොන්දේසියක් පනවනු ලැබුවේය.

මෙම ඇප කොන්දේසිය පිළිබඳව දැනගැනීම සඳහා දිවයිනේ පිහිටි සියලුම ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරන ලදී.

මෙම කොන්දේසිය විත්තිකරු විසින් පිළිපදින්නේ ද යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස රහස් පොලීසිය අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත

විත්තිකරු විසින් මෙම ඇප කොන්දේසිය උල්ලංඝනය කර තිබෙන බවට කරුණු තහවුරු වුවොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා අවධාරණය කළේය.

නව අදහස දක්වන්න