විල්පත්තු නඩු තීන්දුව එළඹෙන අප්‍රේල් 3 වන දා | දිනමිණ

විල්පත්තු නඩු තීන්දුව එළඹෙන අප්‍රේල් 3 වන දා

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ගොනු කර ඇති පෙත්සමකට අදාළ අවසන් තීන්දුව අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම පිළිබඳව විභාගය අද (19) සිදු විය

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය ඉන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කිරීම අප්‍රේල් මස 3 වනදා  ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර ඇත.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබේ.

නව අදහස දක්වන්න